(අංජුල මහික වීරරත්න)
සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයට අවශ්‍ය දේශීය වශයෙන් නිෂ්පාදනය කළ සහල්, එළවළු, බිත්තර, කුකුළු මස් හා පලතුරු කිසිදු හිඟයකින් තොරව සැපයීමට හැකි ව ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මීට මාසයකට පමණ පෙර ශීඝ්‍රයෙන් වැඩි වූ එළවළු මිල මෙන්ම පැවැති එළවළු හිඟය ද මේ වනවිට මුලුමනින්ම අවසන් වී ඇතැයි කී අමාත්‍යවරයා රජය විසින් රටේ නිෂ්පාදන ඉහළ නැංවීමට ගෙන ගිය වැඩ පිළිවෙළ යටතේ මේ වනවිට කුකුළු මස්, බිත්තර, එළවළු, පළතුරු හා සහල් වලින් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වෙළෙඳපලට පැමිණ ඇති බව සඳහන් කළේය.
අවුරුදු සමයේ කැරට් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 5000 දක්වා ඉහළ යනු ඇතැයි බොහෝ දෙනෙක් පැවසූ බව කී අමාත්‍යවරයා නමුත් මේ වනවිට කැරට් මිල පමණක් නොව අනෙකුත් එළවළු සියල්ලෙහිම මිල පහළ ගොස් තිබෙන බව කීය.
මැයි මාසය වනවිට බිත්තරයක මිල රුපියල් තිස් ගණනක් දක්වා අඩුවනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
387
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හාල්-එළවළු සැපයුම ඕනවටත් වැඩියි
චන්දන Wednesday, 10 April 2024 09:09 AM
කීරි සම්බා ගන්න කොහාටද යන්න ඕන .?
මධුසංඛ Wednesday, 10 April 2024 10:31 AM
අවුරුදු නැකතට කන්න තියෙන්නෙ කිරිබත්. කීරි සම්බා වලින් කිරිබත් හදන්න බැහැ. කීරි සම්බා විවිධ රෝගාබාධ ඇතිවීමට හේතුවක් බව අහන්න ලැබුණා... නිරෝගිමත් ජීවිතයක් අපේක්ෂා කරනවා නම් රෝගවලට ඉඩ සලසන කිරි සම්බා සෙවීම නවතා දේශීය සහල් වර්ග අනුභව කරන්න පුරුදු වෙන්න ඡන්දන පුතේ...!
සම්බා බම්බා Wednesday, 10 April 2024 09:56 AM
මට හොඳ සම්බා ටිකක් ගන්න ඕනේ... කොහේටද යන්න ඕනේ...!
Tharindu Wednesday, 10 April 2024 10:33 AM
අනේ මෙයාගේ දක්ෂතාවය නිසා අපිට කිරියෙන් පැණියෙන් අවුරුද්ද ඉතිරිලා තියෙන්නේ
wedage Wednesday, 10 April 2024 11:04 AM
මුදල් තමයි නැත්තේ...!
ශුභ අනාගතයේ සෞභාග්‍යය Wednesday, 10 April 2024 11:44 AM
ඇමැතිතුමා මට මතකයි ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා මුදල් ඇමැතිවරයා හැටියට ලංකාවේ ලොකු ලූනු අස්වැන්න හොඳයි කියලා එතෙක් බොම්බයි ළූණු කියපු ළූණු වලට ලංකා ලොකු ළූණු කියලා නම්කළා එතුමා ඉදිරිපත් කළ අයවැය අරගෙන බලන්න ඉතින් ඇමැතිතුමා දැන් කාලයේ ලංකාවේ ලොකු ළූණු ගැන අහන්නවත් නැහැ. ආනයනය කරලා ගෙනැවිත් තියෙන කුණුවෙච්චි ළූණු පාරිභෝගික අධිකාරිය අඩු ගණනක් කිව්වාට විවෘත වෙළඳපලේ රුපියල් 700/= ඉක්මවා යනවා. ඒ ගැන අවධානයට ගන්න කියලා කියන්න කැමැතියි...
ranjith Wednesday, 10 April 2024 12:12 PM
මේවා මෙයාගේ දක්ෂ කමක්ද?
ගමේ එකාලා Wednesday, 10 April 2024 01:23 PM
හරියට මෙයා කරපු දේවල් වගේ? කයිවාරුව නම් තියෙනවා. මහන්සි වෙලා වැඩ කරපු අය පැත්තක...