
(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි තරුණයෙකු කොරෝනා ආසාදිතයෙකු වශයෙන් හඳුනාගැනීම නිසා ඔහුව අද ( 8 ) ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළු කළ බව හලාවත ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.
මෙම තරුණයා අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීමට හලාවත රෝහලට ඇතුළත් වු පසු පී.සී.ආර්. පරීක්ෂණයක් කළ අතර එහිදි ඔහු ආසාදිතයෙකු බව තහවුරු වී ඇත.
රෝගි තරුණයා හලාවත අඹකදවිල ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානයක සේවය කළ 30 වන වියේ පසුවන තරුණයෙකු බවත්, ඔහු කොරෝනා ආසාදිතයෙකු වශයෙන් හඳුනාගත් පසු සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරින් තරුණයා වාසය කළ ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළ බවත්, එහි සිටින සියලු දෙනා හෙට ( 9 ) පී.සී. ආර්. පරීක්ෂණයන් සදහා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට කැඳවා ඇති බවත් එහි ප්‍රකාශකයෙක් කීය.
2025 නොවැම්බර් මස 04
493
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2236
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1673
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හලාවත රෝහලෙනුත් කොරෝනා ආසාදිතයෙක්
පියල් ලියනගේ Thursday, 08 October 2020 12:09 PM
හලාවත pcr ප්‍රතිඵලය එවලේම දෙන්නත් අර මුල්ම සේවිකාවගේ ගම්පහ pcr ප්‍රතිඵලයට දවස් 4ක් යන හේතුව මොකක්ද..?
chandima Thursday, 08 October 2020 02:46 PM
මේ හැමෝම රෝහලට එන්න පොදු වාහනවලින් නම් එද්දී වාහන වත්තවටේ බෝකරගෙන තමයි එන්නේ. ඔයිට නරකද එතැනටම ගිහින් පරීක්ෂණය කළානම්... නැතිනම් ඒ ගමට වාහනයක් යැව්වා නම්...
සමන් Friday, 09 October 2020 02:20 AM
චන්දිම මහතා, අපේ රටේ සාමාන්‍ය ජනතාවට තියෙන දැනීම තීරන ගන්නා බුද්දිමත් පාලකයාට නොමැතිබවට හොද උදාහරනයක් ඕක. මොන වාහනේකින් ආවත් තව අය සමග ගැටීම සහ රෝහල් කාර් ය මන්ඩල සමග ගැටීම මගින් තව බොහෝ පිරිසක් අවදානමට පත්වනවා. මෙවන් මොහොතක හොදම දෙය ඔවුන් සිටින ස්ථානවලම හුදකලා කරවීමයි. ලෙඩ්ඩු එකතුකලා කියලා බෙහෙතකුත් නොමැතිනම් මොන පලයක් තියේද?
නයනී Friday, 09 October 2020 09:26 PM
සාමාන්‍ය ජනයාට හොඳ දැනුමක් තිබුණු නිසානේ පහුගිය කාලේ මුහුණු ආවරණ, නිතර අත් සේදීම, දුරස්ථතාවය අතහැරියේ..