IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


හලාවත මවයි, පියයි දියණියයි අමානුෂික ලෙස මරලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ,එස්.හේරත්,ජයරත්න වික්‍රමාරච්චි සහ ලලිත් නවරත්න)

හලාවත නගරයෙ සිංහපුර ප්‍රදේශයෙ නිවසක කෝටිපති ව්‍යාපාරිකයා හා ඔහුගේ බිරිද හා දියණිය මරා දමා සිරුරු පුළුස්සා නිවස තුළ තිබියදී 20 උදෑසන සොයා ගැනිමට හැකිවු බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස මරා දමා ඇත්තේ නිවසේ සැමියා වු 52 හැවිරිදි එස්.ජී.සේනාරත්න, බිරිද 43 හැවිරිදි මංජුලා නිරෝෂනී හා 15 හැවිරිදි දියණිය වු නෙත්මි නිමේෂා ඇතුළු පිරිස බව කියයි.

ඝාතනයට ලක්වු නිවෙස් හිමියා වු එස්.ජී.සේනාරත්න මහතා හලාවත නගරයෙ පර්ල් ලැන්ඩ් සේල් නැමති ඉඩම් කැබලි කර අලේවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඒ සමග ඔහුගේ බිරිද වන මංජූලා නිරෝෂනී මහත්මිය හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ සංවර්ධන නිළධාරීනියක් ලෙස මුන්නේෂ්වරම වසම භාරව කටයුතු කර ඇති බවද ඒ සමගම දියණිය හලාවත ආනන්ද ජාතික පාසලේ 10 එෆ් ශ්‍රේණීයෙ අධ්‍යාපනය හදාරමින් සිට ඇති බව කියයි.

මෙම පිරිස ඔවුන්ට හිමි හලාවත සිංහපුර ප්‍රදේශයෙ පිහිටි නිවසේ සිටියදී ඉතා ආවාසනාවන්ත ලෙස  ඝාතනයට ලක්වි ඇති බවත් බිරිදි නිදන කාමරය තුලදි ගෙල කපා දමා සයනය තුළම ගිනි තමා මරා දමා ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.

ඒ සමගම නිවෙස් හිමිකරු වන කෝටිපති ව්‍යාපාරිකයා හා ඔහුගේ 15 හැවිරිදි දියණිය නිවසේ සාලය තුලදී ඝාතනය කිරීමේන් පසු නිවසේ ගෘහ උපකරණ එම සිරුරු තුලට දමා මරා දමා ඇති බවට පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් සැක කරයි.



අදහස් (13)

හලාවත මවයි, පියයි දියණියයි අමානුෂික ලෙස මරලා

Pradeep Kumara Sunday, 20 October 2024 01:41 PM

අයියෝ.. මොන තිරිසන්නුද මේ...? මොන හිතකින් මේ වගේ අපරාධයක් කළාද?

:       1       167

ඇන්ඩ්රු සෙබඩවිල Sunday, 20 October 2024 02:21 PM

අපේ මාලිමා ආන්ඩුවක් ආවාම නීතිය හරියටම කරනවා. දැන් තියෙන්නේ නීතියක් නැති රටක්...!

:       73       133

johnSunday, 20 October 2024 03:46 PM

පුන්නක්කු කන කෙනෙක්...!

:       81       33

ඇන්ඩෲ සිල්වා Sunday, 20 October 2024 04:06 PM

ඒකනම් සහතික ඇත්ත අපි අහලා තියෙනවා. 1971 සහ 1988 සිට 1989 අවසානය දක්වා මොනවද රටේ සිදුවුණේ කියලා අහලා තියෙන හැටියට නම් ඒ කාලවලත් ඔහොම්ම දේවල් වුණා කියලා තමයි අහන්න ලැබුනේ ඒවා නොදන්නා හා නොදැක්ක සිද්ධීන් නිසා ආයෙත් ඔවැනි දෙයක් වුණොත් ඒවා ඇත්ත කියලා හිතාගනිමු (කොහොම වුණත් කැප්පෙටිපොළ ගැන කියද්දී මොනරවිල කියලා අහලා තියෙනවා... ඒත් මොනර ධේනුව වන සෙබඩවිල කියලා නමක් හෝ ගමක් නම් කොහේවත් නැහැ. ඒ නිසා කියන්නේ කැප්පෙටිපොළගේ නියම නම වන මොනරවිල යන්නට අපහාස නොකරනු කියලා කියන්න කැමැතියි)

:       18       84

Chinthaka Sunday, 20 October 2024 07:14 PM

ඩිස්ලයික් දමා සත්‍ය වහන්න බැහැ... බ්‍රෝලා මෙහෙම දේවල් කරන එවුන්ට දඬුවම් දීලා අගතියට පත්වූවන් වෙනුවෙන් කටයුතු කළොත් පමණයි... ඔබේ අදහස සාර්ථක වෙන්නේ...!

:       1       79

Ananda Sooriyabadara Sunday, 20 October 2024 03:50 PM

දැන් ආණ්ඩුවක් නැති ගාණට රට යන්නේ.

:       40       94

රම්බොඩ Sunday, 20 October 2024 04:18 PM

ඉතාම ඉක්මනින් මේ අපරාධකරුවන් සොයාගන්න අපේ පොලිසියට පුලුවන්. ඒකෙ සැකයක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ අපේ රටේ නීති පද්ධතිය එහි හිඩැස් තුලින් මේ අපරාධකරුවන්ව රිංගලා යැවීමට දැන්ම නීතිය දන්න අය දත, කට මදිනව ඇති.

:       29       42

Rata Perata Sunday, 20 October 2024 04:50 PM

මොන වැරැද්දකට වුණත් මේ වගේ තිරිසන් වැඩ කරන නරුමයින්ට උපරිම දඬුවම් දිය යුතුයි... නව රජය මේවා ගැන විශේෂ අවධානයක් යොමුකළ යුතුයි. අර දරුවා මරාදමන්නේ මොන වැරැද්දක් කළාටද?

:       1       54

Ugitha Sunday, 20 October 2024 04:54 PM

ඉන්න හිතෙන රටක්..

:       8       57

SaranaSunday, 20 October 2024 07:38 PM

Ujitha, අලුත් රජයක් ඇවිල්ලත් ඉන්න හිතෙන රටක් කතාව ආයිමත් කියන්න වුණා නේද? 1987-89 කාලයෙන් පසුව අපේ රටට ගිය කලක් තමයි. ඒ කාලයේ හිටි ප්‍රේමදාස, රන්ජන් විජේරත්න රජයයි රෝහණ විජේවීර ඇතුළු රතු සහෝදරයන්ගේ වැඩයි දෙකම ඔය වගේ මිනීමරු රටක් බිහිවෙච්චි එකට වග කියන්න ඕනේ...!

:       0       42

thilaka Sunday, 20 October 2024 05:13 PM

අද පොලිසියට මෙවැනි අපරාධ සිදුවීමට පෙර ඒවා වළක්වා ගැනීමට නොහැකි තත්වයක් ඇත. මිනිසුන්ට තම තමන්ගේ ආරක්ෂාව සඳහා ගිනි අවි ළඟ තබා ගැනීමට ඉඩ දිය යුතුයි.

:       5       41

FreemanHAT Sunday, 20 October 2024 06:40 PM

තමන්ගේ ආරක්ෂාව සඳහා ගිනි අවි භාවිතයට අවසර දිය යුතුමයි. අණ්ඩුවටවත් වෙනකාටවත් බැන්නට කිසිම වැඩක් නෑ... මටත් දුවෙක් ඉන්නවා... හරිම කණගාටු දායකයි.

:       4       30

විකම විදුර Sunday, 20 October 2024 08:24 PM

කරපු අයට අරාබි දඬුවම්.. නැත්තං වැඩක් නෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 107 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site