IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හෙල්ල විසිකිරීමෙන් නදීකා ජයගනී

තායිලන්තයේ බැංකොක් නගරයේදී පෙරේදා පැවති (4) ආසියානු ගෝන් පී‍්‍ර මලල කී‍්‍රඩා තරගමාලාවේ පළමු අදියරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම ජයග‍්‍රහණය හිමිකර ගැනීමට හෙල්ල විසිකිරීමේ කී‍්‍රඩිකා නදීකා ලක්මාලි (මීටර 56.23) සමත් වූවාය.

තරගාවලියේ පළමු අදියර සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බැංකොක් ගිය කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ගණන 18 කි. මීටර 100×4 සහය දිවීම (පිරිමි) කණ්ඩායම නියෝජනය කරමින් කී‍්‍රඩකයෝ පස් දෙනෙක් ඊට සහභාගී වූහ.

නදීෂා ලක්මාලි හැරුණුවිට චන්ද්‍රිකා සුභාෂිණී රස්නායක (තත්පර 53.35) මීටර 400 ඉසව්වේ දෙවැනි ස්ථානයට පත්වෙමින් දෙවැනි හොඳම දස්කම කළ ශ්‍රී ලාංකික කී‍්‍රඩිකාව බවට පත්වූවාය.

මීටර 400 ශ්‍රී ලාංකා කී‍්‍රඩක කසුන් සෙනෙවිරත්න (තත්පර 47.18) හා මීටර 5000 (පිරිමි) ඉසව්වෙන් ලයනල් සමරජීව (විනාඩි 15 තත්. 10.91) එහිදී තෙවැනි ස්ථාන ලැබූහ.

මේ අතර ශ්‍රී ලංකාව දස්කම් දැක්වනු ඇතැයි අපේක්ෂා කළ මීටර 100×4 (පිරිමි) ඉසව්වේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වූයේ සිව්වැනි (තත්පර 45.31) ස්ථානයයි.

හෙල්ල විසිකිරීමේ ජාතික ශූරිය වන ලක්මාලි එහි ශ්‍රී ලංකා වාර්තාවටද හිමිකම් කියන අතර මෙම ජයග‍්‍රහණය ඇය විසින් කලකට පසු අත්කරගන්නා ලද ජාත්‍යන්තර ජයකි. නදීකා ලක්මාලි මීට පෙර බීජිං (2008) ඔලිම්පික් උළෙල ඇතුලූව අන්තර්ජාතික මලලකී‍්‍රඩා තරගාවලි ගණනාවකට සහභාගීවූ කී‍්‍රඩිකාවකි.

මෙම ජයග‍්‍රහණය වෙනුවෙන් ඇයට ඇමෙරිකානු ඩොලර් දහසක (රුපියල් 120,000 කට වැඩි) ත්‍යාග මුදලක් හිමිවේ.

මේ අතර ආසියානු ගෝන් පී‍්‍ර තරගමාලාවේ දෙවැනි අදියරද අනිද්දා (80 තායිලන්තයේදීම පැවැත්වීමට නියමිතය. එම තරගාවලිය තායිලන්තයේ චෝනාබුරිහිදී පැවැත්වේ. තරගමාලාවේ තෙවැනි (අවසන්) අදියර ලබන ඉරිදා (12) නොළඹදී පැවැත්වේ.

පෙරේදා තරගාවලියේ මීටර 100×4 (පිරිමි) සහාය දිවීම ඉසව්වේ සිව්වැනි ස්ථානයට පත් ශ්‍රී ලංකා කණඩායමට මොහොමඞ් සෆ්රාන්, ෂෙහාන් අඹේපිටිය බී. ආර්. ඒ. හසරංග හා පී. එස්. ඒ. ඊ. නදීෂාන් ඇතුළත් වූහ.

මොහොමඞ් සෆ්රාන් (මීටර 100-පිරිමි) එරංග දිනේෂ් ප‍්‍රනාන්දු හා අයි. ඞී. එස් ජයසිංහ (තුන් පිම්ම-පිරිමි), ඞී. එච්. දිසානායක (උසපැනීම), සමිත් මධුරංග හා වරුණ ලක්ෂාන් (හෙල්ල විසිකිරීම-පිරිමි), ජානි චතුරංගනී ද සිල්වා, සුජානි බුද්ධිකා (මීටර 100-කාන්තා), දිල්හානි ලේකම්ගේ (හෙල්ල විසිකිරීම-කාන්තා), ඩබ්. කේ. එල්. ඒ. නිමාලි (මීටර 800-කාන්තා), එල්. ඞී. රත්නසිරි (දුරපැනීම-කාන්තා), තරංගා විනෝදනී (උසපැනීම-කාන්තා) පළමු අදියරට සහභාගි වූ සෙසු ශ්‍රී ලාංකික කී‍්‍රඩක කී‍්‍රඩාකාවෝ වෙති.

ජාතික මලල කී‍්‍රඩා පුහුණුකරු ඩර්වින් පෙරේරා මහතා ගෝන් පී‍්‍ර මලල කී‍්‍රඩා තරගමාලාවේදී ශී‍්‍ර ලංකා පිලේ කළමණාකරු ලෙසත් කටයුතු කරයි. පුහුණුකාරිනියකට අමතරව භද්‍රා ගුණවර්ධන මහත්මිය මෙම තරගමාලාවේදී කී‍්‍රඩිකාවන් භාර නිලධාරිණිය ලෙසත් කටයුතු කරන්නීය.

මේ අතර ලබන ඉරිදා (12) පැවැත්වෙන තුන්වැනි අදියර සඳහා සියල්ල සූදානම් බවත් ඒ සඳහා රටවල් 22 ක කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 250 දෙනෙකු පමණ සහභාගී වන බවත් ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමය පවසයි.

 



අදහස් (0)

හෙල්ල විසිකිරීමෙන් නදීකා ජයගනී

චමිල Monday, 06 May 2013 01:06 PM

අපෙන් සුබ පැතුම් නදී.. (ස)

:       0       0

අමල් Monday, 06 May 2013 01:08 PM

ඔබට ජයෙන් ජය!(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 83 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site