යතුරු පැදි ආරක්ෂිත හිස් වැසුම් සඳහා එස්.එල්.එස් සහතිකය අනිවාර්ය කිරීමේ නීතිය ක්‍රියාත්මක කරන්නැයි පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටී.
අගෝස්තු පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තිබූ එම නීතිය තාවකාලිකව අත්හිටුවූයේ මෙරට සමාගම් රැසක්ම ප්‍රමිති ලාංඡනය සහිත හිස් වැසුම් විකිණීමට කටයුතු කර නොතිබූ නිසා බව පවසන එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා මේ වනවිට සමාගම් රැසක්ම පාරිභෝගික කටයුතු අධිකාරියේ උපදෙස් අනුව කටයුතු කර ඇති බැවින් නීතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කරන්නැයි අවධාරණය කරයි.
යතුරුපැදිකරුවන් භාවිත කරන ආරක්ෂිත හිස් වැසුම් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ලංඡනය වන එස්.එල්.එස් 517 ලාංඡනය අනිවාර්ය කරමින් ගැසට් පත්‍රයක් නිකුත් වූ අතර එය සැප්තැම්බර් පළමු වනදා සිට බලාත්මක විය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
හෙල්මට්වලටත් ප්‍රමිති සහතික ඉල්ලයි
සම්පත් Monday, 07 November 2016 08:56 AM
මේවා ප්‍රමිතියකින් යුතුව පවත්වාගෙන යන එක නම් හොඳයි (නි)