(සමන් පාලිත නානායක්කාර)
වැසි සහිත කාලගුණයෙහි බලපෑමෙන් හල්දුම්මුල්ල කොට්ඨාසයේ පාසල් තුනක් වසා දමා ඇතැයි හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක නිලානි ධම්මිකා මහත්මිය අද (11) පැවසුවාය.
ඒ ඒ පාසල්වල ඉගෙනුම ලබන දූ දරුවන් අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට කටයුතු කර ඇති බවද අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය පැවසුවාය.
බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මික හේරත් මහතාගේ උපදෙස් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන අතර නායාමට ගොදුරු වී අද වැසී ගිය කැලිපානාවෙල විදුහලේ දූ දරුවන් වැල්ලවාය ගම්පහ විදුහලටද ගල් පෙරළී මේ අවදානමක් හේතුවෙන් වසා දමා ඇති බ්ලැක්වුඩ් විදුහලේ දූ දරුවන් හල්දුම්මුල්ල දෙමළ මහා විදුහලටද ,ගොඩනැගිලි කඩා වැටීමේ අවදානම හේතුවෙන් වසා දැමූ මාලදොල විදුහලේ දූ දරුවන් හරංකහව විදුහලටද යොමු කර අධ්‍යාපන කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද කොට්ඨාස අධ්‍යක්ෂවරිය කීවාය.
2025 දෙසැම්බර් මස 18
127
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හල්දුම්මුල්ලේ පාසල් තුනක් වහයි