IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


හල්දුම්මුල්ල කඳු මුදුනේ ජලාශයක් ඉදි කරනවාට මන්ත්‍රීවරුන්ගේ විරෝධය

(සමන් පාලිත නානායක්කාර)

හල්දුම්මුල්ල නගරයට ඉහළ කඳු මුදුනේ ඉදිකෙරෙන ජලාශය වහාම නවත්වන ලෙස හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු පිරිසක් ඉල්ලා සිටිති.

පෞද්ගලික ආයතනයක් මෙම ජලාශය ඉදි කරමින් සිටින බව මන්ත්‍රීවරු පැවසූහ.

නායයාමේ අධි අවදානම් කලාපයක් ලෙස හල්දුම්මුල්ල නගරයට ඉහළ කඳු වැටිය හඳුන්වාදී ඇති බැවින්ම එම කඳු වැටිය මුදුනේ ජලාශයක් ඉදිකිරීම ඉතා අනතුරුදායක බවත් අක්කර කාලක පමණ ගල් පර්වතයක් සමග කඳුවැටියට පහළින් පිහිටි හල්දුම්මුල්ල නගරය මතට රූරා ඒමට බොහෝ ඉඩ ඇති බවත් එසේ වුවහොත් ඇති විය හැකි තත්ත්වය අමුතුවෙන් කීම අවශ්‍ය නොවන බවත් එම මන්ත්‍රීවරුන් වෙනුවෙන් අදහස් දැක්වූ ප්‍රාදේශීය  සභා මන්ත්‍රී අසංක සල්ගාදු මහතා පැවසීය.

මේ  පිළිබඳව හල්දුම්මුල්ල ප්‍රාදේශීය  සභා සභාපති උපුල් ප්‍රියන්ත හෙට්ටිගේ  මහතාගෙන් අද (11)දින  විමසූ විට මෙසේ කීවේය.
 
''පෞද්ගලික ආයතනයක්  එම ජලාශය  ඉදිකිරීම්  සිදු කරනවා. සභාව මගින් මේ වන විටත් එය තහනම් කර තිබෙනවා. මේ වෙන විට යම්කිසි ප්‍රමාණයක් නිසි අවසරයකින් තොරව ඉදිකර තිබෙනවා. ජලය පුරවා නැති නිසා දැනට අවදානමක් නැහැ. අදාළ වගකිවයුතු අංශ සමඟ එක්ව ඉදිරියේදී ඉක්මන් පියවර ගන්නවා'' යැයි ද සභාපති උපුල් ප්‍රියන්ත හෙට්ටිගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (2)

හල්දුම්මුල්ල කඳු මුදුනේ ජලාශයක් ඉදි කරනවාට මන්ත්‍රීවරුන්ගේ විරෝධය

කුමා Wednesday, 11 November 2020 07:24 AM

රත්නපුරේ බෝපත් ඇල්ල හරස් කොට මෙවැනි ජලාශයක් ඉදිකර තිබෙනවා .... විදුලිය නිපදවා රජයට විකිනීම පිණිස..

:       0       0

Perera Thursday, 12 November 2020 04:22 AM

ඕවා ප්‍රාදේශීය සභාව තහනම් කලාට වැඩක් නැහැ. දැන් මේ 20 වෙනි සංශෝදනයෙන් පස්සේ කාලයයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 505 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1679 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site