
(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල, මග්ගොන හල්කඳවිල බස් මාර්ගයේ වේල්ල හංදිය ප්‍රදේශයේදී මග්ගොන සිට හල්කඳවිල දක්වා ගමන් ගත් යතුරු පැදියක ගෑටි මාර්ගය හරහා ගමන්ගත්කාන්තාවක් මියගොස් ඇතැයි පයාගල පොලිසිය අද (14) පැවසීය.
මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ හල්කඳවිල වේල්ල හන්දියේ පදිංචිව සිටි අනගියද්දයියගේ නන්දාවතී (70) නැමැති විවහාක කාන්තාවක් බව පොලිසිය කියයි .
මෙම කාන්තාව අද උදෑසන අසළ වෙළඳ සැලකට පැමිණ මාර්ගය හරහා මාරුවෙමින සිටියදී මග්ගොන සිට හල්කඳවිල දෙසට අඹු සැමි යුවලක් ගමන් ගත් යතුරු පැදියක ගැටී අනතුර සිදුව ඇත.
එම අනතුර සිදුවී තුවාල ලැබූ කාන්තාව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන යන විටත් මියගොස් සිට ඇතැයි අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ පයාගල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් පැවසීය.
යතුරුපැදිකරු 32 හැවිරිදි හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි අයකු බවත් ඔහුව පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර යතුරු පැදියේ ගමන් ගත් ඔවුන් දේපල සුළු තුවාල ලබා තිබේ.
සැකකාර යතුරුපැදි රියදුරා අද(14) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සහකාර පොලිස් අධිකාරී ජගත් විජයසුන්දර, පයාගල පොලිස් ස්ථානාධිපති එස්.ඒ.යූ.ද සිල්වා යන මහත්වරුන් ගේ උපදෙස් මත රථවාහන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.පි.ජී. පත්මසිරි පොලිස් සැරයන් දයාවංශ(35204) යන මහත්වරු අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.

2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හල්කඳවිල වේල්ල හන්දියේදී යතුරුපැදියක ගැටී කාන්තාවක් මරුට
kamal perera Friday, 14 October 2022 12:34 PM
වහින දවස් වලට අනතුරු වැඩි.ප්‍රවේසමෙන් රිය පැදවිය යුතුයි
Bunny Preena Friday, 14 October 2022 02:04 PM
යතුරුපැදිකරුගේ නොසැලකිලිමත් කමයි, නොඉවසිල්ලයි කියන එක හොඳටම පේනවා.. වේගය අඩුකරලා ඒ කාන්තාවට යන්න දෙන්න තිබුණා. යතුරු පැදිය තියෙන්නේ මාර්ගයේ දකුණු පසයි. ඔහු එම කාන්තාව හඹා ගොසින් එයාව අනතුරට ලක්කරලා තියෙන්නේ...