එක්සත්ජාතික පක්ෂයේ ඌව මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු ගමන් ගත් රියට හා සෙසු වාහනවලට සැප්තැම්බර් 23 වැනිදා හාලිඇළ පොලිස් මුරපොළ ඉදිරිපිටදී පහර දීමේ සිද්ධිය වාර්තා කරමින් සිටි ඇටම්පිටිය ලංකාදීප මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතාට පහර දුන් බව කියන සැකකරු බදුල්ල මහේස්ත්‍රාත් මහේෂා ප්‍රියදර්ශණි සිල්වා මෙනවිය විසින් ඇප මත මුදා හරිනු ලැබීය.
අමිල චන්දන (32) නොහොත් කළු ආරිගේ පුතා රුපියල් දස දහසක මුදල් ඇපයක් හා රුපියල් දෙලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණ භාරයට ගත්තාය.
පැමිණිලි පාර්ශවයට තර්ජනය නොකර ලෙසත් එසේ කළ හොත් ඇප අවලංගු කර රිමාන්ඩ් කරන බවත් මහේස්ත්‍රාත්වරිය ඔහුට තරයේ අවවාද කළාය.
පහර කෑ මාධ්‍යවේදීයා කොළඹ අසල පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ හක්කට කළ සැත්කමින් පසු නළ මාර්ගයෙන් ආහාර ලබා දෙන බවත් ඔහුගේ හකු ප්‍රදේශයට බරපතල හානි සිදු වී ඇති බවත් නීතීඥවරු අධිකරණයට දැන්වුහ.
මරණිය තර්ජන නිසා ඔහුගේ දරු දෙන්නා පාසල් යැවීමට නොහැකි බව ද සැකකරු විදේශ ගත වීමට සුදානමක් ඇති බවට තොරතුරු ඇතැයිද නීතීඥවරු කීහ.
නඩු විභාගය ලබන 10 වැනිදාට කල් තැබිණි.
2025 දෙසැම්බර් මස 18
195
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
162
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හාලිඇළ සැකකරුට ඇප
යසිත Wednesday, 01 October 2014 11:48 PM
ඇයි මාධ්‍යයට මෙහෙම තර්ජන? ඔවුන් නැත්නම් අපි කොහොමද ඇත්ත දැනගන්නේ? (නි)
හේරත් Wednesday, 01 October 2014 10:10 AM
වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලැබේවා! (නි)