IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හොර හරකා සමග සාජන් මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොලොන්නරුව මනම්පිටියෙන් හොරා ගත් බව කියන  ගවයකු ගෙවත්තේ බැඳගෙන සිටි බව කියන පොලිස් සැරයන්වරයෙක් කන්තලේ මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා 20 වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

සොරා ගත් බව කියන එම ගවයා ද පොලිස් බාරයට ගෙන ඇත.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ පදිංචි වැලිකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙකි.

සැකකාර පොලිස් සැරයන්වරයාගේ සහෝදරයකු විසින් ඔහුට අයත් ලොරි රථයක පටවාගෙන ආ බව කියන මෙම ගවයා සැරයෙන් වරයාට බාර දී ගොස් ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය පවසයි.

මෙම ගවයා  පොලිස් සැරයන්වරයා ට බාර දුන් බව කියන එම සැරයන්වරයාගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි තමාට අයත් ගවයන් දෙදෙනකු සොරාගෙන ගොස් ඇති බවට එම ගවයන් දෙදෙනාගේ හිමිකරු මනංපිටිය පොලිසියට පැමිණිලි කර තිබිණි.

 



අදහස් (2)

හොර හරකා සමග සාජන් මාට්ටු

Aruna Wednesday, 22 February 2023 01:05 PM

පොලීසියේ බහුතරයක් පෙරේතයෝ...! දැක්කත් අප්පිරියයි මටනම්... !

:       1       1

සකුන්තලා Thursday, 23 February 2023 01:47 AM

එහෙම කියන්න එපා... හොඳ මිනිස්සුත් ඉන්නවා. මේ තැනත් වැරදි වැඩේ කරලා තියෙන්නේ සහෝදරයිනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site