(ටී.කේ.ජී.කපිල )
ව්‍යාජ තොරතුරු සපයා , මැලේසියානු බලධාරීන් රවටා , සූක්ෂම ලෙස ලබා ගත් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ජෝර්දානය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද (03) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු යාපනය , කයිට්ස් ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි .
මොහු අද අලුයම 03.30 ට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.- 9501 දරන ගුවන් යානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔස්සේ ජෝර්දානය වෙත පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එහිදී තම නිශ්කාශන කටයුතු සිදු කර ගැනීම සදහා එයාර් ඇරේබියා ගුවන් සේවා කවුළුව වෙත පැමිණි මොහු ඔවුන් වෙත ඉදිරිපත් කළ ගමන් බලපත්‍රය ඇතුළු ලියකියවිලි පිළිබඳ ඇති වූ සැකය මත ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර විස්තර දී රට යන්න ආ තරුණයා දැලේ