IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හොර රියැදුරු බලපත විසි දාහයි

වසරක් සඳහා වලංගු තාවකාලික රියදුරු බලපත්‍ර හොරට ගසා විකිණූ බව කියන තිදෙනෙක් පොලීසිය විසින්  බණ්ඩාරගම මිල්ලනිය ඔකන්දූවේදී අත්අඩංගුවට ගනු ලැබූහ.

රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තු විශ්‍රාමිකයකු (66) වූ මොහු ත්‍රීරෝද රියදුරකු හා එක්ව මේ ජාවාරම කර ඇතැයි පොලීසිය සැක කරයි.

ඔහු රුපියල් අට දහසකට විකුණන හොර අවසර පත්‍රය රියදුරකු අතට පත් වන විට රුපියල් 20,000ක් පමණ වෙතියි ද කියති.

කළුතර මෝටර් රථ පරීක්ෂකගේ නිල මුද්‍රාවද ව්‍යාජ ලෙස තබා, ආබාධිතයනට පවා තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇතැයි පොලීසිය පවසයි.

ඇසක් නොපෙනෙන යතුරුපැදියකරුවකු ළඟ තුබූ එවැනි බලපතක් සෝදිසි කරද්දී ඇති වූ සැකයෙන් මෙම වැටලීම සිදු විය.

 



අදහස් (0)

හොර රියැදුරු බලපත විසි දාහයි

ෂෙරිෆ් Wednesday, 10 April 2013 03:18 PM

අපි හැමදෙනා අවදියෙන් ඉමු අන්තාවදින්ව පරාජයකරන්න, පසුව කාලය ඉතිරිව තිබුනොත් හොර මැරකම්, දුෂිතයන්, මිනීමරුවන් මංකොල්ලකෑම් නීතී විරෝධී මත්පැන් පරාජය කරමු හොඳේ.. (ස)

:       0       0

නිරංජලා Wednesday, 10 April 2013 12:39 PM

වැඩිහරියක් ඉන්නේ රට හොරු. බොරු කාරයෝ. මේවට දඩුවම් දෙන්නේ නැහැ. මොකද රටේ නීතියක් නැහැ නීතියට කොන්දක් නැහැ..(නදී)

:       0       0

දිල්ෂාන් Wednesday, 10 April 2013 12:40 PM

හොර වැඩ කරන එකාටත් මොළයක් තියෙන්න ඕනේ තියලා කියන රටක නේද අපි ජීවත් වෙන්නේ..(නදී)

:       0       0

වරුණ Wednesday, 10 April 2013 01:18 PM

ඕවට ලොකු කට්ටියත් සම්බන්ධ ඇති. නැත්තම් ගජරාමෙට කරන්නේ කොහොමද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 11 April 2013 08:33 AM

ඉක්මනින් නව තාක්ෂණ ක්‍රම උපයෝගී කරන්න පොලිසියට පහසුකම් සලසන්න. (නි)

:       0       0

දයා Wednesday, 10 April 2013 01:28 PM

රාජ්‍ය පරිපාලනයේ විශ්‍රාමිකයෙක් නම් පළපුරුදු වැඩකාරයෙක් වෙන්නම ඕනෑ. (නි)

:       0       0

ජීවන් Wednesday, 10 April 2013 01:48 PM

නීතියක් නැතිකම වගේම උග්‍ර අකාර්යක්ෂමතාවෙත් මේවට වග කියන්න ඕනෑ. (නි)

:       0       0

සුබසිංහ Wednesday, 10 April 2013 01:49 PM

හැබයි ඇහුවම කියන්නේ අපි තරම් උතුම් ජාතියක් මේ මිහි පිට නැහැ කියලා. ඇගේ දුවන හැම ලේ බිංදුවකම තියෙන්නේ වංචාව හොරකම. (නි)

:       0       0

නාමල් Wednesday, 10 April 2013 02:14 PM

මේ රියදුරු බලපත්‍ර අරගත්ත අයට තමයි ජනාධිපති තුමා හයියෙන් යන්න දෙන්න හදන්නේ.(නදී)

:       0       0

අප්පුහාමි Wednesday, 10 April 2013 02:34 PM

දැන් රටේ රජකරන්නේ වංචාව,බොරුව තව මොනවාද?(නදී)

:       0       0

කුමාර Wednesday, 10 April 2013 02:31 PM

රජයේ විශ්‍රාමිකයෙක් නම් පෙන්ෂන් එකවත් ගෙවන්න එපා, ඔය කරපු නීති විරෝධී වැඩේ හැටියට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site