IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හොරා මාලේ ගිලී

කොළඹ කොටුව දුම්රිය පොළේ දී කතකගේ රන් මාලයක් හා පෙන්ඩනයක් කඩාගත් තරුණයකු මාලය ගිල දැමූ බවත් මාලය බඩේ ඇති බවත් එක්ස්රේ පරීක්ෂණයේ දී සොයාගත් බවත් පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට වාර්තා කෙළේය.  දුම්රිය සේවකයන් විසින් අල්ලා ගැනුණු ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළු කැර  විරේකයක්  මගින් රන් භාණ්ඩ සොයා ගන්නැයි නියම කළ මහේස්ත්‍රාත් ඔහු ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් කෙළේය. ඔහු මෙවැනි සිද්ධි 25කට පමණ හවුල් යැයි පොලිසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

හොරා මාලේ ගිලී

j.d Tuesday, 15 May 2012 05:27 PM

හරි

:       0       0

කිත්සිරි Tuesday, 15 May 2012 05:45 PM

කොහොමත් මේ මාලේ ආයි කරට දා ගන්න නම් බැරිවෙයි

:       0       0

අලිබබා Tuesday, 15 May 2012 07:31 PM

ඒ මාලේ කොහොමත් ගිනිවතුරෙ දාලා තමයි ගන්න වෙන්නේ. ඒකේ තියෙන විශ බීජ වලට වෙන ලෙඩ හැදෙන්න පුලුවන්.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 15 May 2012 07:50 PM

ගොඩක් වෙලාවට බස්වල කෝච්චිවල රත්තරන් බඩු කඩන හොරු කරන්නේ ඔය ගිලින වැඩේ තමයි.මොකද එතකොට කැඩුවද නැද්ද කියලා හොයා ගන්නා අමාරුයි කියලා හොරු හිතනවා.මොකද අල්ලගෙන පරීක්ෂා කළාම හොර බඩු ලඟ නැත්නම් මම කැඩුවේ නෑ කියලා බේරෙන්න පුළුවන් කියලයි ඒ අය මෙහෙම කරන්නේ..එත් මෙයාලට උසාවියෙන් විරේකයක් කරන්න ඉස්සර පොලීසියෙන් හොඳට විරේකයක් හම්බ වෙන්න ඇති.

:       0       0

පී.පී. Wednesday, 16 May 2012 10:22 AM

මෑන් මිට කලින් ගිය වැසිකිළියත් පරීක්ෂා කරන්න කියලා පොලිසියට කියන්න ඕනි. තව නඩු බඩු ඇති

:       0       0

මංජුල Tuesday, 15 May 2012 08:31 PM

හෙට උදේ වැසිකිළි යන්න කලින් ගන්න වෙයි නේද?

:       0       0

පාලි Wednesday, 16 May 2012 11:12 AM

රෑට නිදා ගන්න කොට මාල මුදු ටික ගිලලා නිදා ගන්නවා.උදේට වැසිකිළියෙදි ගන්නවා

:       0       0

රන් කොල්ලා Wednesday, 16 May 2012 11:21 AM

එතකොට පෙන්ඩන්ටි එක මෙයාගේ පෙණහැල්ලෙද? අපෝ මට නම් රත්තරනුත් එපා වෙනවා

:       0       0

ෆාරු Wednesday, 16 May 2012 11:47 AM

ඊයා...........මට ඔය ටික එපා......

:       0       0

ප්‍රසන්ත ධම්මික Tuesday, 15 May 2012 10:56 PM

ටෙලිවිෂන් එහෙමත් එළියට ඒවිද දන්නේ නැහැ.

:       0       0

අසංක Wednesday, 16 May 2012 12:22 AM

විරේකෙට බඩගියොත් හොදයි. බඩවැල් ටිකත් ඇදගෙන එළියට නෑවිල්ලා.

:       0       0

ෂෙරීෆ් Wednesday, 16 May 2012 12:37 AM

අපිට දැන් හොරුන්ගෙන් කරදරයක් නෑ. අපේ රන් ආභරණ සියල්ල බැංකුවේ තිබ්බා.

:       0       0

අසන්ක Wednesday, 16 May 2012 01:44 AM

දවස් දෙකක් බඩේ තිබ්බා..හෙට විරේ‍කෙ උනාම එළියේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site