IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හොරු මත්තල පාර අඳුරු කරති

මත්තල ගුවන් තොටුපොළට යන මාර්ගයේ ගුවන් පාළම හා අවට පිවිසුම් මාර්ග පද්ධතියේ  භූගත විදුලි රැහැන් පද්ධතියේ කොටස් හොරුන් විසින් කපන ලදැයි මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය ඉංජිනේරුවරයා හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේ දී කීවේය.

හම්බන්තොට, කටුවැව හංදිය, පරිපාලන සංකිර්ණය, සිරිබෝපුර ගුවන් පාළම ප්‍රදේශය, මත්තල ගුවන් තොටුපොළ  වීදි ලාම්පු රාත්‍රියේ නොදැල්වෙයි.

රුපියල් ලක්ෂ 15 ක පමණ වටිනා භූගත විදුලි රැහැන් හොරුන් කපා ගෙන ගොස් තිබිම නිසා එම විදුලි පහන් අක්‍රිය වී ඇති බවත් රුපියල් ලක්ෂ 21ක හිඟ විදුලි බිලක්ද ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.

හොරුන් කපා ඇති විදුලි රැහැන් ගැන පරීක්ෂණයක් කරන ලෙස සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙද ආරච්චී මහතා තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දැන්වීය.

විදුලිබිල ගෙවීම සම්බන්දව මාර්ග සංවර්ධන අධිකාරියත්, හම්බන්තොට මහ නගර සභාවත්, විදුලි බලමණ්ඩලයත්, සාකච්ඡා කර තීරණයකට එළඹෙන ලෙසද ඔහු කීය.



අදහස් (0)

හොරු මත්තල පාර අඳුරු කරති

නජීව Monday, 18 January 2016 03:34 PM

බර්ලින් වල නම් මිනිස්සු පදිංචි කලට පස්සේ තමයි ඒ පැත්තට ලයිට් දෙන්නේ. (ස)

:       0       0

ජනක Monday, 18 January 2016 10:43 AM

මිස්ටර් සිල්වා ....ඔය වගේ මෝඩයෝ සහ ඔයාගේ ආණ්ඩුවේ මෝඩ වැඩ නිසයි ඔය හොරු බෝ වුනේ ......(බ)

:       0       0

චාමර Monday, 18 January 2016 11:24 AM

සිල්වා කාලෙකින් මත්තල ගිහින් නැතුව ඔහොම කතා කරන එක වැරදි නේද? එම ප්‍රදේශ ජනාශුන්‍ය උනත් ඒවා දියුණු කරලා මනුෂයින්ට ලබාදීම පවතින රජයක වගකීමක්. රජයක වගකීම කොළබ පමණක් දියුණු කිරීම නෙමෙයි. (ර)

:       0       0

රංග Monday, 18 January 2016 01:30 PM

ලංකාවේ තරම් එපා කරපු මිනිස්සු..!!! (බ)

:       0       0

ද සිල්වා බර්ලින් Monday, 18 January 2016 10:15 AM

මිනිස්සු ඉතා අඩුවෙන් ගැවසෙන අලි ඉන්න කැලේ මේ වගේ අනවශ්‍ය ව්‍යාපෘති කරහම ඒවගේ තිබෙන කම්බි ආරක්ෂා කරන්නත් වෙනම ආරක්ෂකයෝ දමන්න වෙනවා , අනේ අපේ බදු සල්ලි වලට කරපු විනාශයක් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site