IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හොර බඩු ළඟ තබා ගත් පියාටත් ඇප

උඩහමුල්ල නඩුකාර වත්තේ දී දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ වාහනයේ ලාංඡනයක් දින එකොළහකට පෙර සොරා ගත් බව කියන සිසුහු දෙදෙනෙක් ව්‍යාපාරිකයකුගේ රහස් කැමරාවේ උදව්වෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.

කොළඹ හා මහරගම පාසල් දෙකක හත් වැනි පන්තියේ මේ සිසුන් දෙදෙනා සමග පියෙක් ද නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් හෙට්ටිආරච්චි මහතා වෙත ඉදිරිපත් කරනු ලැබූහ.

පියා අත්අඩංගුවට ගත්තේ හොර බඩු ළඟ තබා ගත්තැයි කියමිනි.

රුපියල් පනස් දහස බැගින් වූ ශරීර ඇප මත මුදා හළ ඔවුන් ලබන 14 වැනිදා අධිකරණයේ පෙනී සිටිය යුතු යැයි ද වැඩ බලන මහේස්ත්‍රාත් නියෝග කළේය.

 

 

 



අදහස් (0)

හොර බඩු ළඟ තබා ගත් පියාටත් ඇප

දයා අළහකෝන් Sunday, 02 June 2013 03:22 PM

ඉස්සර අපිත් මුද්දර එකතු කළා පාසල් කාලයේදී (නි)

:       0       0

උපාලි Sunday, 02 June 2013 03:33 PM

මේක කාර් එකේ ලස්සනට තිබුන ලාංඡනයක් වෙන්න ඇති පොඩි එවුන්ගේ හිත ඇදිලා යන්න. අර ඇස් බැඳගත් කාන්තාව ඉන්න ලාංඡනය නම් සම්පුර්ණයෙන්ම ගලවලා දාලනේ තියෙන්නේ. (නි)

:       0       0

රංජනී Sunday, 02 June 2013 03:45 PM

ළමාකමට හොර වැඩ කරන එක දරුණු වැඩක්.පියාගේ අනුබලය ලැබිලත් තියනවා.තුන්දෙනාටම දඩුවම් දීම සාදාරණයි.නැතිනම් ලොකු වුනාම වාහන පවා හොරකම් කරාවි. (නි)

:       0       0

සමන් පෙරේරා - සෞදි Sunday, 02 June 2013 04:38 PM

සමාව දෙන්න වටිනවා, විනුසුරුවරියගේ ගෙදර ආරක්ෂකයෝ නැද්ද එයාට ආරක්ෂක පද්දතියක් නැතුව ඇති එයාගේ ආරක්ෂාව තර කරන්න ඊළඟට මොනවා ගලෝගෙන යයිද දන්නේ දෙය්යෝ පමණි.(නදී)

:       0       0

දම්මික පෙරේරා Sunday, 02 June 2013 04:46 PM

දරුවන් දෙන්නට අවවාද කර හොර බඩු ළඟ තබා ගන්න සහයෝගය දුන් පියාට දඬුවම් කළ යුතුයි. පියකු වශයෙන් දරුවන්ට හොඳ අවවාදයක් නොදී ඒවා ළඟ තබා ගැනීමට ඉඩ ඇරපු එක බොහොම නරකයි.(නදී)

:       0       0

ජ.හේරත් Sunday, 02 June 2013 11:35 AM

ඔන්න නඩු නම් දාන්න එපා කොලු කමට කරන කොලු වැඩ මේවා.(නදී)

:       0       0

නීල්-රානා Sunday, 02 June 2013 11:41 AM

මෙයාලා දහයේ පංතියට ආවහම විනෝදාංශයට අනුන්ගේ වාහන එකතුකරයි.(නදී)

:       0       0

ධම්ම Sunday, 02 June 2013 12:03 PM

නියම විනෝදාංශය පුතේ! ලාංඡන 15ක් එකතු කරනකල් දෙමව්පියන් මක්කද කලේ? (නි)

:       0       0

සදුනි Sunday, 02 June 2013 12:18 PM

පොඩිකාලේ ඉදලම හොරකම.........බාල වයස්කාරයින් නිසා මවුපියන්ටයි දඩුවම් කරන්න ඕනෑ. (නි)

:       0       0

මර්සි ලංකා Sunday, 02 June 2013 02:01 PM

සිසුන් දෙදෙනකු නිසා තරයේ අවවාද කර සමාව දීම වටිනවා. ළමා කාලයේ කරන දේවල් විකිනීමට නොවේ කර තිබෙන්නේ.(නදී)

:       0       0

ගාමිණී-සිරි Sunday, 02 June 2013 02:09 PM

7 වසර නම් වයස 12 යි. ලාමක ටින්..ටින්ලා.. විනෝදෙට ලාංචන එකතු කලා මිස, හොරකමකට හෝ විකුනන්න නෙවේනේ. ගණන් ගන්න එපා !මැඩම් අලුත් එකක් සවිකරගන්න. වියාපාරිකයා මොකද එතැන කලේ. ඔහු ගැලවීමට පෙර ළමයි ඉස්සරවීම තමයි දක්ෂකම කියන්නේ.(නදී)

:       0       0

රසික Sunday, 02 June 2013 02:58 PM

මේ වගේ දේවල් එකතුකරන එක විනෝදාංශයක් තමා. මේ දරුවන්ට කියා දෙන්න වාහන හදන පිටරට ආයතන වලට දෙනුම් දෙන්න කියලා. ඔවුන් මේ වගේ අයට ඔවුන්ගේ ලාංඡන එවනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 234 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site