IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හොරා පොලිස් සෙල්ලම අහුවෙයි

පොලිස් නිලධරයකු බව කියමින් යුවළකගේ පෞද්ගලික දර්ශන දුරකථනයෙන් වීඩියෝ කළ බව අඟවා රුපියල් දෙලක්ෂ විසිදෙදහසක කප්පම් ඉල්ලූ බව කියන බ්‍රෝකර්වරයෙක් අත් අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය කියයි.

එම යුවළ පේරාදෙණිය, ගන්නෝරුව, මුරුතලාව ප්‍රදේශයේ වෑන් රථයක සිටියදී මෙම බ්‍රෝකර්වරයා එම මාර්ගයේ ගමන් කරමින් සිට ඇති අතර මෙම අනියම් යුවළ සිටි වෑන් රථය අසලට පැමිණි ඔහු තමා පොලිස් නිලධාරියෙක් යැයි පවසා ඔවුන්ගේ දර්ශන රූගත කළ බවත් ඒවා ප්‍රසිද්ධ නොකිරීමට නම් ලක්ෂ තුනක මුදලක් අවශ්‍ය බවත් පවසා ඇතැයි එම යුවළ පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

බ්‍රෝකර්වරයා ඉල්ලූ මුදලින් කොටසක් ඒ මොහොතේ ලබාදී ඉතිරි මුදල් පසුදින ලබාදීමට එකඟවූ එම යුවළ ඒ බව පොලිසියට දන්වා ඇත. ඒ අනුව සිවිල් ඇඳුමින් සැරසුණු රහස් පොලිසියේ නිලධාරීන් යොදවා මුදල් හුවමාරු කරගන්නා ස්ථානයේදී අදාළ සැකකරු අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.



අදහස් (0)

හොරා පොලිස් සෙල්ලම අහුවෙයි

රුවන් Monday, 29 June 2015 09:29 AM

අනියම් යාලුවෙක් නම් මේ කළේ ලොකු සමාජ සේවයක්. දැන් ඉතින් දෙපැත්තේම නිත්‍යානුකුල බිරිඳ සහ සැමියා තව තෑගි දේවි මේ කැත වැඩේ අල්ලා දුන්නාට (නදී)

:       0       0

කදා Monday, 29 June 2015 10:08 AM

අනේ අනිච්චං (ම)

:       0       0

කසුන් ධර්මවංශ Monday, 29 June 2015 08:51 PM

මම දන්නා තරමින් අනියම් සම්බන්ධයක් නීතියෙන් වරදක් නොවෙයි එ්ත් මේවා නවත්වන්න යම් නීතිමය පරිසරයක් ඇති කිරීම වටිනවා (බ)

:       0       0

ජයසේන Monday, 29 June 2015 10:39 AM

අනියම් සම්බන්ධය වරදක් නෙවෙයි? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site