IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


හොර නෝට්ටු සමඟ අයෙක් මාට්ටු

(ෂේන් සෙනෙවිරත්න)

හතරලියද්ද ප්‍රදේශයේ හෝටලයකට ආහාර ගැනීම සඳහා පැමිණි පුද්ගලයකු ලබාදුන් රුපියල් 5000 මුදල් මුදල් නෝට්ටුවක් පිළිබඳව සැක සිතී ඒ පිළිබඳව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව ඔහු පරීක්ෂා කිරීමේදී ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු තුනක් සමඟ එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

අනතුරුව වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හතරලියද්ද පොලිස් වසමේ උඩුව ප්‍රදේශයේ සැකකරුගේ නිවසේ තිබී රුපියල් 5000 හොර නෝට්ටු 08ක්, රුපියල් 500 නෝට්ටු 04ක්, රුපියල් 100 නෝට්ටු 06ක් සහ රුපියල් 50 හොර නෝට්ටු 09ක් සොයාගැනීමට හැකිව ඇත.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරු වලට අනුව එම හොර නෝට්ටු මුද්‍රණය කළ බව පැවසූ ගලගෙදර ප්‍රදේශයේ සන්නිවේදන පහසුකම් ලබාදෙන ආයතනයක් පරීක්ෂා කිරීමේදී එහි හිමිකරු පලා ගොස් තිබූ බව පවසන පොලිසිය එම ස්ථානයේ තිබු ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට යොදාගත් බවට සැක කරන එප්සන් වර්ගයේ මුද්‍රණ යන්ත්‍ර 01ක්, සැම්සුං වර්ගයේ මොනිටරයක් හා සීපීයූ යත්‍රයක් පොලිස්බාරයට ගෙන තිබේ.

 

 



අදහස් (0)

හොර නෝට්ටු සමඟ අයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 179 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 387 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 164 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site