IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හරි දිනට වගා නොකළොත් වගා හානි වන්දි නෑ

(අංජුල මහික වීරරත්න)

නියමිත දිනයට වගා නොකරන කුඹුරුවල  ගොවීන් සඳහා වගා හානි සිදුවීමක දී වන්දි නොගෙවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබේ.

මෙවර මහ කන්නයේ වර්ෂාව සම්බන්ධව කාලගුණ විද්‍යා අංශ විසින් මේ වනවිට ලබා දී ඇති පුරෝකථන අනුව ඔක්තෝබර් මාසයේ දී බස්නාහිර හා දකුණ මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කවලට සාමාන්‍ය තත්ත්වය ඉක්මවූ වර්ෂාවක් ලැබීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

නොවැම්බර් මාසයේ දී බස්නාහිර, දකුණ හා තවත් ප්‍රදේශ කිහිපයක සාමාන්‍ය වර්ෂාපතනයක් ලැබෙන අතර උතුර, උතුරුමැද, මධ්‍යම පළාත්වලට සාමාන්‍ය තත්ත්වය ඉක්මවූ වර්ෂාවක් ලැබීමට නියමිත බව කාලගුණ අංශ අවධාරණය කර තිබේ.

පවතින දේශගුණ විපර්යාස නිසා ඇතැම් විට විශාල පරිමාණයේ  වර්ෂාවන් මෙන්ම වියළි කාලගුණයක් ද ඇතිවීමට ඉඩ ඇති නිසා එවැනි තත්ත්වයන්ගෙන් වන වගා හානි වලක්වා ගැනීම සඳහා නියමිත දිනයේ දීම වගා කටයුතු ආරම්භ කිරීමට ගොවීන් පියවර ගත යුතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.



අදහස් (1)

හරි දිනට වගා නොකළොත් වගා හානි වන්දි නෑ

චන්දන Sunday, 15 October 2023 12:43 PM

රටේ කෘෂිකර්මාන්තය වනසන අමාත්‍යංශයක් තියෙන එකම රට ලංකාව වෙන්න ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 183 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site