IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


හොර ජල බෝතල හත්දහසක් විනාශ කරයි

(කේ. බුද්ධික කුමාරසිරි)

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතියකින් තොරව එස්.එල්.එස් ලාංඡනය භාවිතා කරමින් ජල බෝතල් නිෂ්පාදනය අලෙවිය සහ ගබඩා කිරීම කර තිබූ පූගොඩ දංගල්ල ප්‍රදේශයේ ජල බෝතල් නිෂ්පාදන ආයතනයක තිබූ හත්දහසකට ආසන්න ජල බෝතල් තොගයක් විනාශ කිරීමට අද (20) දින කටයුතු කළ බව පාරිභෝගික සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී බී.එස් සී.පී පෙරේරා මහතා පැවසීය

පූගොඩ මහේස්ත්‍රාත්  අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත අධිකරණ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම ජල බෝතල් තොගය විනාශ කිරීමට කටයුතු කර තිබුණි

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ජල බෝතල් නිෂ්පාදන ආයතනයේ නිලධාරීන් තිදෙනෙකුට රුපියල් ලක්ෂ බැගින් වූ දඩ නියම කිරීමක් ද සිදුකළ බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය

 



අදහස් (2)

හොර ජල බෝතල හත්දහසක් විනාශ කරයි

charith Thursday, 20 February 2025 02:35 PM

නම් එක්කම දාන්න. එතකොට මිනිස්සුන්ට ඕවා ගන්නේ නැතුව ඉන්න පුළුවන්..!

:       0       17

Chandimaa Friday, 21 February 2025 08:40 AM

අද දිනය 2025 පෙබරවාරි 21 සිකුරාදා මම 2025 පෙබරවාරි 13 වැනි බ්‍රහස්පතින්දා කාන්තාවකගේ නමින් තියෙන පළතුරු කඩේකින් සීනි කෙසෙල් ඇවරියක් ගෙදරට ගෙනාවා කිසිම රසයක් නැතිනිසා කෑවෙ නැහැ කුරුල්ලන්ට ටිකක් දැම්මා ඉතිරිය පරීක්ෂාකර බලන්න හිතාගෙන තිව්වා ලස්සන වැඩේ කියන්නෙ මේ වනවිට කුරුල්ලන්ට නොදී එක ගෙඩියක් කිසිම නරක්වීමක් නැතුව කලුපාට නොවී ලස්සනට තියෙනවා ඒත් ඇවරියේ නැටි සම්පූර්ණයෙන්ම වේලිලා තියෙනවා මෙම කඩයේ පෘඩ් සැලඩ් වගේම පළතුරු බීමත් තියෙනවා මෑතක් වනතුරුම පළතුරු විතරක් තිබුනාට දැන්නම් හාල් සිල්වරත් ,බිත්තර හා එළවලුත් තියෙනවා වෙළද බලපත්‍ර බලන බවකුත් නැහැ පිඑච්අයි වසවිෂ විකිණීම ගැන හෝ පාරිභෝගික අධිකාරිය බලන බවකුත් නැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 832 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2474 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site