
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ඇමතිවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් විස්සකට ආසන්න පිරිසක් ඉදිරි දිනවල අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.
අල්ලස් ගැනීම් දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීම් පිළිබඳ සිද්ධීන් සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් සම්බන්ධ විමර්ශන මේ දිනවල සාර්ථක ලෙස කෙරෙමින් පවතින බව එම කොමිෂන් සභාව පවසයි.
විවිධ දූෂණ සම්බන්ධයෙන් දේශපාලඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් කිහිප දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවා පසුගිය දිනවල ප්‍රශ්න කර ඇත.
තවත් දේශපාලඥයන් කිහිපදෙනෙකුට කොමිසමට ඉදිරි දිනවල පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම එම කොමිෂන් සභාව වේගවත් කර ඇති බවත් එම සිද්ධීන් සම්බන්ධ සාක්ෂි ගොනුකර ගැනීම අවසන් කළ වහා අත්අඩංගුවට ගැනීම් කරන බවත් අල්ලස් කොමිසම පවසයි.
එමෙන්ම බොහෝ ආයතනවල නිලධාරීන් හෝ සේවකයන් සාමූහිකව එකතු වී අල්ලස් ගැනීම්( අල්ලස් පොකුරු) වැඩි වී ඇති බවත් ඒ සම්බන්ධයෙන්ද දැඩි සීරුවෙන් සිටින බවත් කොමිසමේ නිලධාරීහු පවසති.
2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරා කෑ තව බලකණු විස්සක් කූඩුවට
පර්සි මරා Saturday, 31 May 2025 10:44 AM
මගේ බඩ දනවා. මොවුන් මැතිවරණ පොරොන්දු ඉටුකලොත් අපි පවුල් පිටින් ඉවරයි.
fairoos Saturday, 31 May 2025 02:13 PM
දේශපාලන පළිගැනීම්... බයියෝ කෙඳිරි ගානවා.
sene Saturday, 31 May 2025 03:58 PM
ජනතා මුදල් වන්චාකර ඇත්නම් එය ඔවුන්ගෙන් නැවත අය කරමින් හිරේ දාන්නේ නැතිව අවුරුදු 20ක් හිරේ කෙනෙකුට වියදම? දඩය 200000 යි.
ප්‍රභාශ් Saturday, 31 May 2025 04:25 PM
කොයි කවුරුත් හොරා කාපු මුදල් අයකර ගන්න ක්‍රමවේදයකුත් හදන්න දෙන දඬුවමකුත් එක්ක.
m. saman perera Sunday, 01 June 2025 04:44 PM
හොරකම් කරපු මුදල් නැවත රජයට අය කරගන්න ඕනේ...!