මහියංගනය නගරයේ රසකැවිලි කඩයක් උදෑසන විවෘත කර බලන විට එහි යම්කිසි කොල්ලයක් සිදු වු ස්වරූපය දිස් විය. ලාච්චුද විවෘත කර මුදල් සොරාගෙන තිබු හොරා පැය 1 1/2 කඩේ රැඳී සිට ඇත. දොරෙහි ඉබි යතුරු නොකඩා මෙම සොරකම සිදු කළේ කෙසේද යන්න පිළිබඳ වෙළෙදසලේ හිමිකරුට ගැටලුවක් විය. පසුව සීසීටීවී කැමරා දර්ශන නැරඹීමෙන් පසු සොරා පහසුවෙන්ම හඳුනා ගත හැකිවිය.
ඒ සොරා නගරයේ නිතර ගැවසෙන රිළවෙකි. රසකැවිලි කා පිරිසිදු පානීය ජල බෝතලයක්ද කඩා පානය කර යෝගට් කොප්පයකද රස බලා අනතුරුව මුදල් සේප්පුවද විවෘත කර එහි වු මුදල්ද සීසීකඩ විසි කර ඇත. අලුයම හිමිකරුවන් පැමිණිමට පෙර පැය 1 1/2ක් පමණ ඒ තුළ රැඳී සිටිමින් මෙම සොරකම රිළවා විසින් සිදු කර ඇති අතර වෙළෙඳ සේවකයන් වෙළඳසල විවෘත කිරිමේදි එහි කිසිවෙකු සිට නොමැති අතර රාත්‍රි සොරුන් පැමිණ ඇති බවක් දිස්වි ඇත.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
හොරා කැවිලි කයි , ලාච්චුවේ සල්ලිත් විසි කරයි
ගයාන් Friday, 26 September 2014 01:49 PM
වඳුරට පින්සිද්ධ වෙන්න කඩයටත් නොමිලෙම ප්‍රසිද්ධියක් ලැබුනා... (නි)
සංජිව Friday, 26 September 2014 03:38 PM
මොකද්ද ඔබ තුමා බලා පොරොත්තු වෙන්නේ මේ අභියෝගය කරලා (දී)
ඉන්දු මෙල්බෙර්න් Friday, 26 September 2014 09:52 AM
අනේ අනේ රිලවෝ...හොරකමක්වත් හරියට කරන්න බැරි හැටි...
ඉන්දු මෙල්බෙර්න් Friday, 26 September 2014 09:55 AM
අනේ අනේ රිලවෝ , හරියට හොරකමක්වත් කරන්න බැරි හැටි...
ඇන්තනි Saturday, 27 September 2014 05:57 PM
කකුල් දෙකේ අය කරපු දේවල් ටී වී එකෙන් දැකපු රිලවෙක් වෙන්න ඇති (දී)
කාන්ති Friday, 26 September 2014 11:30 AM
නීතියෙන් උපරිම දඩුවම් ලබා දෙන්න. මොකද මෙයාට දේශපාලන සම්බන්දකම් එහෙම නැහැනේ (දී)
ශ්‍රීමාන් Friday, 26 September 2014 11:33 PM
කකුල් හතරේ වඳුරා නිසා ප්‍රශ්නයක් නැහැ. දෙකේ කෙනෙක් වුණා නම්...? (නි)
කසුන් Friday, 26 September 2014 12:19 PM
මෙතන බරපතල ලෙස නීතිය බිඳ වැටී තිබෙනවා.තරාතිරම නොබලා සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්න (නි)
ප්‍රියදර්ශනී Sunday, 28 September 2014 03:31 AM
වදුරත් නරක වෙලා (දී)