IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හොර කැනඩා පාස්පෝට් සමඟ පේදුරුතුඩුවේ තරුණයා මාට්ටු

(යොහාන් භාසුර)

ව්‍යාජ කැනඩා ගුවන් ගමන් බලපත්‍රයකින් කැනඩාව බලා පිටත්ව යෑමට පැමිණි 24 හැවිරිදි පේදුරුතුඩුවේ පදිංචි තරුණයෙක් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්‍ෂණ ඒකකය කටුනායක ගුවන්තොටුපලේ අද (10) පස්වරුවේ භාරයට ගත් බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූඑල් 217 දරණ ගුවන් යානයෙන් දෝහා වෙත පිටත්ව යෑමට නිෂ්කාශන කටයුතු සඳහා පැමිණි අවස්ථාවේදී ගුවන් ගමන් බලපත්‍රය පිළිබඳව ඇති වූ සැකයක් මත ගුවන් සේවය අදාල තරුණයා දේශසීමා ආවේක්‍ෂණ ඒකකයට යොමු කළ බවත් ඉන් අනතුරු ඔහුගේ ගමන්මළු පරීක්‍ෂා කිරීමේදී ඔහුගේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය සහ මාලදිවයිනට යෑමට ව්‍යාජ ලෙස සකස් කළ වෙනත් ගුවන් සමාගම ගුවන් ටිකට් පතකත් සොයාගත් බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව කීය.

එම ව්‍යාජ කැනඩා ගුවන් ගමන් බලපත්‍රය ජාවාරම්කරුවෙකුට රුපියල් ලක්‍ෂ 40 ක මුදලක් ගෙවා සකස් කරගැනීමෙන් පසුව ගුවන් තොටුපළ අසළදී අද පස්වරුවේ එය ඔහුට ලැබී ඇති බවත් ඔහු එම ගුවන් ගමන් බලත්‍රයෙන් නිෂ්කාශන කටයුතු අවසන් කර ඔහුගේ නීත්‍යානුකූල ශ්‍රී ලංකාව ගමන් බලපත්‍රයෙන් ආගමන විගමන කටයුතු කිරීමට සැළසුම් කර ඇති බවත් එම දෙපාර්තමේන්තුවේ උස්ස නිලධාරියෙක් පැවසීය.

අදාල පුද්ගලයා ප්‍රශ්න කිරීමෙන් පසුව ගුවන් තොටුපළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ඒකකයට භාරදීමට නියමිත බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීයෙක් පැවසීය.



අදහස් (0)

හොර කැනඩා පාස්පෝට් සමඟ පේදුරුතුඩුවේ තරුණයා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site