IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


හොර ඔප්පුවකින් ඉඩමක් විකුණන්න හැදුවාට වසර 24 ක් හිරේ

(මනෝප්‍රිය ගුණසේකර)

හොර ඔප්පුවක් සකස් කොට රුපියල් ලක්‍ෂ 47 1/2කට ඉඩමක් විකීණීමේ චෝදනාවන්ට වරදකරු වු පුද්ගලයකුට වසර 24ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා රුපියල් 25000/-ක දඩයකටද ඊයේ (30) ඔහු යටත් කළේය.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් එලෙස දඬුවම් නියම කළ විනිසුරුවරයා දඩ මුදල් නොගෙවුවහොත් මාස 06ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්ද නියම කළේය.

චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ රංජන් ලියනගේ නමැත්තාටය.

1999 මාර්තු මස 15 වැනිදා හෝ ඊට ආසන්න දිනයක තමාට අයත් නැති ඉඩමක් තමාගේ බව හඟවමින් රංගනාත් වැලිකල නමැත්තා රවටා එම ඉඩම මිලදී ගැනීමට ඔහු පෙළඔවීම සහ ව්‍යාජ ලේඛණ සකස් කොට එම ඉඩම රුපියල් ලක්‍ෂ 47 1/2කට විකුණා වංචා කිරීම ඇතු`ථ චෝදනා මත නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණී.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි විනිසුරුවරයා තීරණය කළේය. ඒ අනුව විත්තිකරුට අදාළ දඬුවම් නියම කෙරිණී



අදහස් (3)

හොර ඔප්පුවකින් ඉඩමක් විකුණන්න හැදුවාට වසර 24 ක් හිරේ

Kalum Thursday, 30 March 2023 06:14 PM

අවුරුදු 23ක් පමණ පරණ කේස් එකක්. මොනවා වෙන්න ඇත්ද අවුරුදු 23ට..? ඇයි මෙච්චර කාලයක්...? ලක්ෂ 47 එක ලක්ෂ 182... ඇයි කාලය? නීතීඥ ගාස්තුව....? මොනවා කරන්නද?

:       0       0

Bandara Thursday, 30 March 2023 10:21 PM

හොර ඇටෝනි බලපත්‍ර හදල ඉඩම් වික්ක අය පාර්ලිමේන්තුවේ?

:       0       0

ruwan Thursday, 30 March 2023 11:05 PM

මේ නඩුතීන්දුවල අවුලක් තියෙනවා වගේ දැනෙන්නේ මට විතරද? බාල වයස්කාර දැරියක් කෙළෙසූ මනුස්සයා සුළු වැඩ සහිතව අවුරුදු 10යි. මේ මනුස්සයාට අවුරුදු 30... පොඩ්ඩක් අවුල් වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 222 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 744 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1169 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site