පසුගිය කාලයේ ප්‍රභූවරුන් ලෙස සමාජයේ පෙනී සිටි පුද්ගලයින් ළඟ සිටි නීති විරෝධීව කැලෑ වලින් අල්ලා ගත් අලි පැටවුන් ඔවුන් තනතුරුවලින් ඉවත් වන විට එම සතුන් එක්තරා අමාත්‍යංශයකට බාරදී යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.
මේ පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතා මේ පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවද දැනුම් දුන්නේය.
පසුගිය කාලයේ ජනප්‍රිය භික්ෂූන් වහන්සේ නමක් ළඟ තබාගෙන සිටි අලි පැටවුන් නීති විරෝධී බවට ප්‍රබල සාක්කි මතුව ඇති හෙයින් උන්වහන්සේට එරෙහිව නීති මගින් කටයුතු කරන බවද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
මීට අමතරව වනාන්තර වලින් අලි පැටවුන් අල්ලාගෙනවිත් විකිණීමේ සිද්ධීන්වලට අදාළව වන ජීවී දෙපාර්තමේන්තුව තුළ අක්‍රමිකතා සිදුවී ඇතැයි කියමින් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබන ඔක්තෝබර් 20 වැනිදා පෞද්ගලිකවම උසාවියේ පෙනී සිටින ලෙස නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර අලි ළඟ තබාගත් ප්‍රභූන්ට වැඩ වරදී
නුවරඑළියේ වසන්ත Friday, 28 August 2015 05:06 AM
හාමුදුරුවරු ළඟ, ඇමතිවරු ළඟ, ව්‍යාපාරිකයෝ ළඟ, විනිසුරුවරු ළඟ හැමෝම ළඟ අලි හිටියනේ. එතකොට අලි හිටියේ නැත්තේ මේ රටේ අහිංසක දුප්පත් ජනතාව ළඟ විතරයි. දැන් නීතිය ක්‍රියාත්මක වෙයිද? (නදී)
පිටබැද්දර ජයා Friday, 28 August 2015 05:51 AM
මෙච්චර කල් අල්ලපු එක අලි පැටියෙකුට විරුද්දව නඩු පැවරුවද ? (නදී)
ඩෙන්සිල් Thursday, 27 August 2015 02:17 PM
හොරාගේ අම්මගෙන් පේන අහනවා. (අ)
වයිකෝ Friday, 28 August 2015 05:53 AM
හැම කෙරුවාවක්ම පත්තරෙන් විතරයි වගේ. (නදී)
අතුල Friday, 28 August 2015 06:14 AM
කව්ද මේ ප්‍රභූවරුන් කියන්නේ. මහජන දේපොළ සහ මුදල් ගසාකන අයද ? (නදී)
අනුරාධ Friday, 28 August 2015 08:33 AM
මේ අයට ප්‍රභූවරුන් කියන්නේ කවුද, මේ අය හොරුමයි (අ)
විමල් Thursday, 27 August 2015 11:53 PM
හොරාගේ අම්මගෙන් පේන අහනවා (නදී)