IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හොර අලි පැටවුන් අටක් මැදරට?

අලි-ඇතුන් ලියා පදිංචි කිරීමේ ලේඛනයේ සඳහන් නැති අලි පැටවුන් අට දෙනකු මධ්‍යම පළාතේ රජයට සම්බන්ධ ප්‍රභූන් බාරයේ සිටින බව වනජීවී දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබීමෙන් පසු ඒ ගැන විමර්ශන ආරම්භ කර ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.

පසුගිය දා මාතලේ දී පිටි ලොරියක සඳහා රැගෙන යමින් සිටි අලි පැටවකු සොයා ගැනීමත් සමඟ මේ කරුණු අනාවරණය වූ බව එම ආරංචි සඳහන් කරයි.

 



අදහස් (0)

හොර අලි පැටවුන් අටක් මැදරට?

පද්මිණි Monday, 18 August 2014 04:49 PM

අර නැතිවුණ අලි පොත හමුවුණාද? (නි)

:       0       0

චමින්ද Tuesday, 19 August 2014 09:09 AM

ඉසුරන්දි,පළාත් සභාවක කවුද දේශපාලකයෙකුත් ඔය කතාවම කිව්වා. (නි)

:       0       0

ලක්විදු Monday, 18 August 2014 06:12 PM

එක්තරා වයසකට අඩු අලි පැටව් (කිරිසප්පයන්) පෙරහැරවල ගෙනයාම තහනම් කළයුතුයි. (නි)

:       0       0

නිරාන් Tuesday, 19 August 2014 09:26 AM

කිසිම මහන්සියක් නැතුව ධනවත් වුණ අයගේ විනෝදාංශය අලි ඇතිකිරීම, කාර් එකතු කිරීම වගේ දේවල් (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 19 August 2014 09:37 AM

අලි, රත්තරන් වැනි දේවල් අමු අමුවේ හොරකම් කරන මේ අයට 'ප්‍රභූ' යන වචනය නොගැළපෙන බවයි මගේ හැඟීම (නි)

:       0       0

ශ්‍රීලාල් Monday, 18 August 2014 08:32 PM

කැලේ ඉඳලා දුක් විඳිනවාට වැඩිය යම් කෙනෙකුගේ සාත්තු සප්පායම් මැද අලි පැටියෙකුට ඉන්න ඉඩ ලැබෙනවා නම් පැටියාට සැපතක් නේද? මෙය අදහසක් පමණයි. නීතිරීති තියෙන බව ඇත්ත. දැන් වනාන්තරවල සතුන් ඉඩ මදිකම නිසා ගම් වදිනවා. ඒ සතුන් කවුරුහරි තමන්ගේ වියදමෙන් ආදරයෙන් රැක බලාගන්නවා නම් හොඳයි කියලයි මගේ අදහස. සමහරවිට වැරදි වෙන්න පුළුවන්. වනයේ ඉන්න සතුන්ට ආරක්ෂාව, ආහාරපාන සපයන්න ඉතාමත් අමාරුයි. ටිකක් තේරුම් ගන්න අපහසු දෙයක්. කවුරු හරි පැහැදිලි කිරීමක් කරනවා නම් ඉතාමත් අගය කරමි. (නි)

:       0       0

සමන්ති Tuesday, 19 August 2014 01:26 AM

සොබාදහම අනුව පරිසරය සියලුම සතුන්ට අයිතියි.බුද්ධිමත් යැයි සිතන බුද්ධියක් නැති මිනිසුන් තණ්හාවෙන් පරිසරය පමණක් නොව සතුන් පවා විනාශ කරනවා. වනයේ සතුන්ට පරිසරයෙන් ලබන දේ අපට දීමට නොහැකිබව සිතන්න.සෑම සතෙකුටම ඇතිවන හැඟීම් මිනිසාට මෙන්ම සමානයි. (නි)

:       0       0

සත්‍යයා Tuesday, 19 August 2014 01:37 AM

ශ්‍රීලාල්, ඔබගේ නිහතමානිකම නිසාම ඔබට පිළිතුරක් ලියයුතු යැයි මට සිතුනා. ඔබ හිතන ආකාරයේ සත්ව කරුණාවක් මේ අලි පැටවුන් හංගාගෙන ඉන්න දේශපාලකයින්ට ඇතැයි සිතන්න බැරි, තමන්ට ඡන්දය දුන් මිනිසුන්ගේ දරුවන්ට ආහාර වේලක් හොයාගන්න බැරුව ලතවෙන දෙමව්පියන් පවා අමතක කරන්න මේ අය අකාරුණික වී ඇති නිසයි. අනික ශිෂ්ට යැයි කියාගන්නා මිනිසුන්ට වඩා මේ සත්වයින් තමන්ගේ ලෝකය තුළ සාධාරණව ජීවත්වෙන බව අප පිළිගත යුතුයි. නවීන යන්ත්‍ර තිබෙන යුගයක අලි ඇතුන් ලවා වැඩගන්න තරම් අප අකාරුණික විය යුතු නැහැ. (නි)

:       0       0

ලීලානන්ද Tuesday, 19 August 2014 01:39 AM

ශ්‍රීලාල් මහතාණෙනි, අපි කැලේට ගිහින් අලින්ට මෙහේ ඉන්න කියමුද? (නි)

:       0       0

රණතුංග Tuesday, 19 August 2014 01:59 PM

බලමුකෝ කොච්චර කල්, ඔය ප්‍රභූ තනතුරු දරයිද කියලා.ප්‍රභූ අයට අසනීප වෙනවත් වැඩියි මේ දවස් වල. (අ)

:       0       0

ගාමිණී සිරිවර්දන Monday, 18 August 2014 10:44 AM

කෙන්යාවෙන්,ඉන්දියාවෙන්,නේපාලයෙන්,මියන්මාරයෙන්,තායිලන්තයෙන් ,චීනයෙන් බද්දෙන් නිදහස් අලි ගෙන්වා දුන්නා නම් අලි ජරමරේ ලංකාවෙන් තුරන්වෙයි. කැමති අය තියාගනීවි,අකමැති අය විකුණාගනීවි. (නි)

:       0       0

දයා අළහකෝන් Monday, 18 August 2014 10:50 AM

පොඩි මිනිසුන්ය රක්ෂිත බන්ධනාගාරගත කරනවා වගේ, මේ අපරාධ වලට සම්බන්ධවූවන් හට දඩුවම් දෙන්නේ නැද්ද? (නි)

:       0       0

චමින්ද Monday, 18 August 2014 10:50 AM

දැන් මේ සම්බන්ධ ප්‍රභූන්ට ගන්නා ක්‍රියාමාර්ග ගැන බලාගෙන ඉඳිමු. (නි)

:       0       0

සදුනි Monday, 18 August 2014 11:01 AM

මහත්තයෝ, පුලුවන් නම් අත්අඩංගුවට ගන්නකො (නි)

:       0       0

ධම්ම Monday, 18 August 2014 11:08 AM

ඉස්සර අලි ඇතුන් හිටියේ සමාජයේ ප්‍රභූන්ට. දැන් දේශපාලනය කරන සමහර අයත් අලි තියාගෙන ප්‍රභූන් වෙන්න හදනවා. (නි)

:       0       0

ලලිත් Tuesday, 19 August 2014 04:29 AM

කවුරු මොනවා කිවුවත් කට්ටියම අලියාට කැමතියි. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 19 August 2014 04:31 AM

එක පැත්තකින් බලාගෙන ගියාම මේ වෙන අලි සංහාරය නිසා උන්ට සෙතක් සැළසෙනවා මේ කරන වැඩෙන් (නි)

:       0       0

නිරූපා Monday, 18 August 2014 11:30 AM

මෙහෙම ගියොත් නම් අලි සම්පත නැත්තටම නැතිවෙලා යයි (නි)

:       0       0

කුමාර Tuesday, 19 August 2014 05:58 AM

අලි පැටවූ ලබාගත්තට තමන්ගේ ඇත්ත තත්ත්වය ලෝකයට වසන්කරන්න බැහැ (නි)

:       0       0

සොබනා Monday, 18 August 2014 01:45 PM

මෙහෙවු මහජන නියෝජිතයින් පත්කර ගත්තාට අපිට ගහන්න ඕනෑ බුවල්ලෙන්. (නි)

:       0       0

සිසිර Tuesday, 19 August 2014 06:27 AM

උන් හොර අලිනේ ඒ අය හොර නැහැ කට්ටිය පටලවාගෙන (නදී)

:       0       0

සුරානි Monday, 18 August 2014 02:24 PM

අනේ අපේ අහිංසක අලි සම්පත! (නි)

:       0       0

එල්.කේ.එස් චන්ද්‍රසිරි Tuesday, 19 August 2014 07:03 AM

හොරු අලිපැටව් තියාගෙන සිටිති (නදී)

:       0       0

රන්ජිත් Monday, 18 August 2014 03:29 PM

සමහරුන්ට නීතිය පිළිබඳව දැනුමක් නැතුවා වගෙයි. වන සතුන් විකුණන්න නොහැකි බව ජාත්‍යන්තරව පිළිගත් නීතියක් (නි)

:       0       0

අබේරත්න Monday, 18 August 2014 03:30 PM

මහත්තයෝ, ඔන්න පුලුවන්නම් අල්ලන්නකෝ (නි)

:       0       0

රජිත් දිවිතොටවෙල Monday, 18 August 2014 03:56 PM

මේක අලුතින් පොහොසත් වුණ හීනමානකාරයන්ගේ වැඩක්.දැන් හොරකම් කරලා එක එක මගඩි කරලා සල්ලි ලැබුනාට පස්සේ ඉඩම් ගෙවල් අරගෙන අන්තිමට නමකුත් ගන්න හදනවා.ඊට පස්සේ හාමු මහත්තයා කියන කෑල්ල එකතුකර ගන්නවා. ඒක ඔප්පුවෙන්නද කොහෙද අනේ අර කොහෙවත් ඉන්න අලි පැටවූ අරගෙන ඇවිල්ලා වත්තේ බඳිනවා.උන්ට හරි හැටි කන්නත් නැහැ.බොන්නත් නැහැ.දැන් සමහරු පරණ ගරා වැටුණ වලවූ සල්ලිවලට ගන්නවාලු. පස්සේ කියනවා ' මේ අපේ ආච්චිගේ පරණ වලවුව' කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site