පුෂ්පකුමාර මල්ලවආරච්චි
ව්‍යාජ අංක තහඩු සවිි කරගෙන වේයන්ගොඩ මැදගම්පිටිය සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබාගැනීමට පැමිණි යතුරු පැදි කරුවකු සහ බස් රථ රියදුරකු අදාල වාහන සමග අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවුලපිටිය සහ හීන්දෙනිය-පට්ටිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බැවින් එදිනට නියමිත අවසාන අංකවලට ගැලපෙන පරිදි මෙසේ අංක තහඩු වෙනස් කර ඉන්දන පිරවුම් හලට පැමිණි අදාළ යතුරු පැදිය හා බස්රථය පොලිස් නිලධාරීන් පරීක්ෂා කළ අවස්ථාවේ ව්‍යාජ අංක තහඩු සවිකර ඇති බව අනාවරණය වී තිබිණි.
වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතාගේ උපදෙස් මත යතුරු පැදිය සහ බස්රථය අත්අඩංගුවට ගනු ලැබිණි .
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
හොර අංකයකට තෙල් ගන්න ඇවිත් කූඩුවේ ළගිති
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 27 July 2022 09:25 AM
එක්තරා කාන්තා පුවත්පතක ප්‍රධාන කතුවරියක වන මාගේ සමීප මිතුරියක් තම පුවත්පතේ කතුවැකිය ලෙස ලියා තිබුණේ ත්‍රීවීලර් කරුවන්ගේ ඉන්ධන මාෆියාව ගැන.සත්‍ය වශයෙන්ම මේ රටේ ත්‍රීවීලර් වැඩිපුර නොදුවන්නේ,ඉන්ධන නැති නිසා නොවෙයි.ලැබෙන ටික විශාල මුදලකට විකුණන නිසයි.බොහෝ බස්කරුවනුත් එහෙමයි.මොවුන්ගේ මේ නොහොබිනා වැඩ නිසා හිරිහැරයට කරදරයට පත් වන්නේ රටේ මගී ජනතාවයි.
චමින්ද Wednesday, 27 July 2022 01:06 PM
සහතික ඇත්ත මේ කියපු දෙගොල්ලම ඉන්ධන බිස්නස් කරනවා. අපි හිතනවා QR කෝඩ් එකට අමතරව වාර්ෂික ආදායම් බලපත්‍ර පරීක්ෂා කළොත් පාවිච්චියට නොගන්නා වාහනත් තෙල් ගන්නවා. අල්ලන්න පුළුවන් වේවි.. ඇමැතිවරයාගේ අවධානය යොමුවේවා..!