ජනප්‍රිය ගායකයකු හා සංගීතඥයකුවූ හරූන් කුමාර් ලන්ත්‍රා මහතා අද (21) මිය ගියේය. මිය යන විට වයස අවුරුදු 83 ක් වූ ඒ මහතා පසුගිය සමයේ අසනීප තත්ත්වයෙන්ද පසුවිය.
ඔහු ගැයූ මගෙ නාමලී, සුළං කුරුල්ලෝ, ආනන්ද මේ රෑ වැනි ගීත ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්විය. චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස සිංහල සිනමාවට මහත් සේවයක් සිදු කළ ලන්ත්‍රා මහතා කැලණියේ පිහිටි ඔහුගේ නිවසේ කථා කිරීමට පවා නොහැකිව දැඩි අසනීප තත්ත්වයෙන් වසර ගණනාවක් ගත කළේය.
8 දෙනකුගෙන් යුත් පවුලේ එකම පිරිම දරුවා වූ ලන්ත්‍රා මැලේ ජාතිකයෙකි. ඔහුගේ අවසන් කටයුතු අද සවස සිදුකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව මගේ මතකයේ එති සුලන් කුරුල්ලෝ සහ මගේ නාමලී බෙනඩි ආදරේ ගීතය අමරණීයයි (ස)
එතුමාට නිවන් සුව පතමු. (අ)
ඔබ තුමාට අපේ ප්‍රණාමය පුදකරමු. (අ)
තරුණඅවදිය එසේය. මහලු අවදිය මෙසේය. පරපුරට ගත හැකි දෙයක් ඉතිරිව ඇත. ඔබට මාගේ මොක්සුව. (ස)
මෙන්න ජාතික සන්හිඳියාව. (ස)
මහා සංගීතවේදියාණනි ඔබේ කටහඩින් සවන් පිනවු හඩ අපට අහිමි වෙලා යළි කවදාවත් ඔබේ කටහඩ මේ මිහිපිට නොඇසෙවි අපිට. ඒ සුලන් කුරුල්ලෝ ඔබ තුමන් වෙනුවෙන් මින් ඉරිදියට ගී ගයනු ඇත. ඉතින් ඔබට ආයුබෝවන් සහුර්දයාණෙනි..(ම)
සුනිල් , ජනප්‍රිය ගායකයකු හා සංගීතඥයකුවූ හරූන් කුමාර් ලන්ත්‍රා මහතාගේ කටහඬ අපට අහිමිවෙලා බොහෝකල් නේද? (ස)
හරූන් ලන්ත්‍රා ඉස්ලාම් ආගමිකයෙකි,සිංහල සිනමාවේ මාස්ටර් මොහිදීන් බෙග්ට පස්සේ හිටිය එකම මුස්ලිම් ගායකයා මොහුය,ඔහුගේ අවසන් කටයුතු ඉස්ලාම් ආගමේ පිළිවෙලට අනුව කෙරෙනු ඇත,ඔහුට ස්වර්ග සුව පතමි. (ස)
අනේ කොල්ලනේ අද කාලේ දේශපාලනය කොරන ඇත්තන් එක්ක බැලුවහම, වලට හෙන නොගහ අවසන් ගමන් යන ඇත්තෙක් තමා. (ස)
සමන්ති, ඔබ හරි. (ස)
ඔබට නිවන් සුව පතමි.! (ර)