(අංජුල මහික වීරරත්න)
නියමිත කලට වෙිලාවට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
එම මැතිවරණ සඳහා මුදල් වෙන් කර තිබුණත් නැතත් ඉදිරියේදී දී මුදල් සම්මත කර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයාට එම මැතිවරණ පැවැත්විය හැකි බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන්ව තිබෙන බව කී අබේවර්ධන මහතා සෙසු මැතිවරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් නොවන අතර වෙනත් අණපනත් යටතේ තිබෙන රෙගුලාසි බව සඳහන් කළේය.
ගාල්ලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අබේවර්ධන මහතා මේ බව කීය.
මේ අය වැයේදී ජනතාවට කුමන සහනයක් ලැබෙනවා දැයි එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අබෙිවර්ධන මහතා පැවසූයේ අයවැය සුරංගනා කතා පොත් එකට බැඳ පැත්තකින් තබා සුරංගනා කතාවක් නොවන අයවැය පොතක් රචනා කරන්න තිබෙන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි පලාත්පාලන මැතිවරණය තිබ්බේ නැත්තේ .ඔය පඩ ශෝ මුකුත් නෑ නේ ඔයාලා ගෙදර යවන්න තිබුනා නේ
මොන ඡන්දය තියන්නත් මුලින්ම සල්ලී හොයාගන්න ඕනා කියලා බයිලා ගහපු එකා දැන් යූ ටර්න් එකක් ගහලා වෙන කතාවක් කියවනවා. දැන්නම් හොදටම සැකයි මූන් මොකක් හරි තව ගේමක් ගහන්නයි යන්නේ.
මොනවද ඔට්ටු..? ඡන්ද එකක්වත් තවත් තියෙන්නේ නැහැ. හම්බ වුණු චාන්ස් එකෙන් උපරිමඵල නෙලාගෙන තමයි පස්ස බලන්නේ...
මේ බූරුවා ගෙන් බූරු කතා ඉවරයක් නැහැ .ඇයි පල කරන්නේ ?
ඒ කිට්ටුව ත්‍රස්ත ප්‍රහාරයකුත් පැවැත්වෙයිද ?
වජිර පිනට පාලිමන්ට් ඇවිල්ලා මාර ලොකු දේවල් කතා කරන්නේ කිසිම ජන මතයක් නැතුව
ඡන්දේ කවදා තිබ්බත් අපි මාලිමාවට
කල් මරනවා. චන්දෙකට යන්ඩ බයයි .දූෂිත දේසපාලුවන්ට යන එන මන් නැතිවෙයි කියලා ?
නාම යෝජනා කැඳවා තිබූ පළාත් පාලන මැතිවරණයවත් නොපැවැත්වූ මේ කාලකන්නි ගැන කවර කතාද ?
ඉතා හොඳයි, ගෙදර යාමට සූදානම්ව සිටින්න.
හා හරි .එහෙම කරමු හොඳේ .හොඳමයි
මුට වැය කරන ඩේටා ටිකටත් පාඩුයි
කවදා ද??