(පාලිත ආරියවංශ)

පසුගිය මහ මැති­ව­රණ සමයේ මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කළේ යැයි කියන සිද්ධි­යක් සම්බන්ධයෙන් බදුල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ පව­තින නඩු කට­යු­ත්තක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ලේකම් හිටපු ඇමැති හරින් ප්‍රනාන්දු බදුල්ල මහේස්ත්‍රිත් අධිකරණයේ අද පෙනී සිටි­යේය.

පසුගිය මහ මැති­ව­ර­ණයේ ප්‍රචා­රක කට­යුතු අව­සන් කිරී­මට තිබූ දින දහ­වල් බදුල්ල නග­ර­යේදී මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය වන ආකා­ර­යෙන් පෙළ­පා­ළි­ය­කින් ගමන් කිරීම සම්බ­න්ධ­යෙන් ප්‍රකා­ශ­යක් දීමට 2024 නොවැ­ම්බර් මස 20 වැනිදා බදුල්ල මූල­ස්ථාන පොලී­සි­යට පැමිණි අවස්ථාවේදී අත්අ­ඩං­ගු­වට ගත් හිටපු ඇමැති හරින් ප්‍රනාන්දු මහතා එදින බදුල්ල මහේ­ස්ත්‍රාත් අධිකරණයට ඉදි­රි­පත් කළේය.

පසුව රුපි­යල් ලක්ෂ පහක ශරීර ඇප­යක් මත මුදා­හැ­රී­මට බදුල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය නියෝග කර තිබුණි.

මෙම නඩුව බදුල්ල මහේස්ත්‍රාත් උදිත එස්.ගුණතිලක මහතා ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේ නීතිපති වාර්තාව මෙතෙක් ලැබී නැති බව අධිකරණයේදී කියැවිණි.

ඒ අනුව මෙම නඩුව 2027 අප්‍රේල් මස 27 වැනි දිනට කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා  නියෝග කළේය.