IMG-LOGO

හර්ෂ ඉලුක්පිටිය‌ගේ නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් කිරීමේ පැරැණි ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙස නිකුත් කරනු ලැබූ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමෙන්   හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුව විභාග කිරීමට පත් කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් සාමාජික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විභාගයෙන් ඉවත් වන බව අද (08) දැනුම් දුන්නේය.

පෞද්ගලික හේතුන් මත මෙම නඩු විභාගයෙන් ඉවත් වන බව විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා දැනුම් දීම නිසා නඩු විභාගය ජුනි 16 වැනිදා දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.

අධිකරණයට අපහාස කළ බවට හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහි නඩුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන දිලීප් නවාස්, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත්  ත්‍රිපුද්ගල මඩුල්ල හමුවේ කැඳවු අවස්ථාවේදී පෞද්ගලික හේතුන් මත මෙම නඩු විභාගයෙන් ඉවත් වන බව විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා දැනුම් දුන්නේය.

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් වීසා නිකුත් කිරීම පැරැණි ක්‍රමවේදයටම සිදුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී එම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමෙන් වගඋත්තරකාර හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා අධිකරණයට අපහාස කළ බවට ඔහුට විරුද්ධව නඩුවක් පවරනු ලැබීය.

හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහිව අධිකරණයට අපහාස කළ බවට නඩු පැවරීමෙන් අනතුරුව නඩු විභගය අවසන් වනතුරු ඔහු රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබු අතර ඔහු ඇප මත මුදාහරින්නැයි ඉල්ලා ඉදිරිපත් කළ ඇප ඇයැදුම්ද ප්‍රතික්‍ෂෙප කරමින් ඔහු තවදුරටත් රිමාන්ඩ් බරයේ රඳවා තැබීමට නියම කෙරිණී.

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් දෙන්නැයි ඉල්ලා හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනාධිපති නීතීඥ ඒම්.ඒ.සුමන්දිරන් යන මහත්වරු විසින් ගොනු කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්  විභාගය සඳහා නොවැම්බර් මස 20 වනදා කැඳවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය  වැඩිදුරටත් නියෝග කළේය.



අදහස් (0)

හර්ෂ ඉලුක්පිටිය‌ගේ නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 104 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 497 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 263 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site