IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හෙරොයින් - අයිස් බිවුව කොස්තාපල්ට වැඩ වරදී

(ඉන්දිකා  රාමනායක)

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටී පාර්ලිමේන්තු  කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ  වැඩ ඊයේ (18)  සිට තහනමට ලක් කළ බව පොලිසිය කියයි.

සැකකාර කොස්තාපල්  විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට ලද තොරතුරකට ඔහු ඉකුත් 15 දින  කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  ඔහු හෙරොයින් සහ  අයිස් යන  මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට තහවුරු වීමෙන් අනතුරුව මෙම වැඩ තහනම සිදුකර ඇත.

නුගේගොඩ දිස්ත්‍රික්  සහකාර පොලිස් අධිකාරිවරයා විසින්  මෙම වැඩතහනම සිදුකර ඇති  බව පොලිසිය කියයි.

මේ ආකාරයෙන්ම පාර්ලිමේන්තු කොට්ඨාසයේ රාජකාර කරමින් සිටි තවත් කොස්තාපල්වරයකුද අයිස් හා  හොරොයින්  භාවිකා  කිරිම හේතුවෙන ඉකුත්   (14) දින සිට වැඩතහනම් කර තිබුණි.

පාර්ලිමේන්තු කොට්ඨාසයේ රාජකාරි කරන බොහොමයක් පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්  බවට ලැබී ඇති තොරතුරු අනුව   ඔවුන්  හදුනා ගැනීම සදහා බුද්ධි අංශ යොදා විමර්ශන සිදුකරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

එම විමර්ශන වල ප්‍රතිපලයක් වශයෙන් ඉහත කොස්තාපල්වරුන් දෙදෙනා  හදුනාගෙන වැඩතහනම් කළ බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මත්ද්‍රව්‍ය භාවිතා කරන තවත් පොලිස් නිලධාරීන් හදුනා ගැනීම සදහා මෙම විමර්ශන  තවදුරටත් ක්‍රියාත්මකව පවතින බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.



අදහස් (1)

හෙරොයින් - අයිස් බිවුව කොස්තාපල්ට වැඩ වරදී

Perera Wednesday, 20 September 2023 08:05 AM

මෙවැනි බොහෝ අය දේශපාලුවන්ගේ මැදිහත්වීමෙන් පොලිස් සේවයට එක් වුනු අය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site