IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


හිරෙන් ගෙදරට හලෝ

බන්ධනාගාර රැඳැවියන්ට  තම ඥාතීන් සමඟ අදහස් හුවමාරු  කර ගැනීම සඳහා දුරකතන ඇමැතුම් ලබා ගැනීමේ මධ්‍යස්ථානයන් වැලිකඩ බන්ධනාගාරයේදී අද (15) විවෘත විය.

බන්ධනාගාර පුනරුත්ථාපන ක්‍රියාවලිය යටතේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු වු මේ සේවාව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය එක්ව පවත්වයි.

රැඳැවියන්  අටදෙනකුට එකම මොහොතේ දුරකථන ඇමැතුම්  ගැනීමට හැකිවන පරිදි දුරකතන කුටි අටක් මෙහි ස්ථාපිත කැර ඇත.

සිය අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පසු රැඳැවියන්ට දුරකතන ඇමැතුම් ලබා ගත හැකයි. සියළු දුරකතන සංවාද මෙන්ම සිසිටිවී කැමරා තාක්ෂණය ඔස්සේ ද රැඳවියන් නිරික්ෂණය කිරීම සහා වෙනම විශේෂ  මෙහෙයුම් මැදිරියක් ද මෙම සේවයට අයත්ය.

පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර,ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ  ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම යන මහත්වරුද මේ අවස්ථාවට එක් වුහ.

RDS_5046 RDS_5063 RDS_5076a RDS_5090  RDS_5114 RDS_5131

 

 

 



අදහස් (0)

හිරෙන් ගෙදරට හලෝ

සමන් Thursday, 16 October 2014 01:53 AM

හොඳ වැඩක්. දැන් ඔවුන්ට අවශ්‍ය විටදී පවුල්වල අය, නෑදෑ හිතමිතුරන් සමඟ සම්බන්ධවිය හැක. ඉහත දක්වා ඇති පරිදි දුරකතන සංවාද යම් අධික්ෂණයකට ලක්කිරීම අත්‍යවශ්‍යයි. එමඟින් නීතිවිරෝධී ක්‍රියා අවම කළ හැක. තවද මින්පසු මොවුන් සිරමැදිරි තුළ ජංගම දුරකථන භාවිතා කරන්නේ නම් ඔවුන්ට දැඩි දඬුවම් දිය යුතුය. (නි)

:       0       0

විරාජ් Thursday, 16 October 2014 02:17 AM

කුඩු බිස්නස්, කප්පම් ගැනීම තව වැඩිවෙයි කියලයි මට නම් බය. "මම බන්ධනාගාරයෙන් කතාකරන්නේ, සල්ලි ලැහැස්ති කරලා තියන්න" කියයිද දන්නෙ නැහැ (නි)

:       0       0

අබේපාල Thursday, 16 October 2014 03:23 AM

සිරකරුවෝද මනුෂ්‍යයෝය... (නි)

:       0       0

ගයාන් Thursday, 16 October 2014 11:42 AM

මේ දේවල් කරන එකෙන් තවත් අපරාධ වැඩි වෙනවා විතරයි.(හේ)

:       0       0

දිලූ Thursday, 16 October 2014 04:17 AM

මැද පෙරදිග රටවලත් ඔව්ව පටන් අරගන දැනට අවුරුදු 10 කට වැඩියි. අනේ මන්ද ලංකාවේ හැමදේම අන්තිමට ටම..ඒ වුනාට ඉතිහාසය ගොඩක් දුරයිලු. (අ)

:       0       0

ජින්ද්‍රා Thursday, 16 October 2014 12:11 PM

සරාම් ඔය තරම් නපුරු වෙන්න එපා. හිරේ ඉන්න කෙනාට වැඩිය දුක් විදිනවා ඒ අයගේ බිරිද දරුවෝ අම්මා තාත්තා. මේ අයට ලොකු සහනයක් ලැබෙනවා මේ තුලින්. මේ දෙයට දායක උන සැමකෙනෙකුටම ගොඩක් පින්. හොඳ දේට හොඳයි කියමු. නේද සරාම්? (ස)

:       0       0

සනත් ලාල් Thursday, 16 October 2014 04:49 AM

දිලුක් කියන්නේ බොරුවක් (අ)

:       0       0

මහේෂ් Thursday, 16 October 2014 01:57 PM

සියලුම සිරකරුවෝ මනුෂ්ස්යයෝය. එම නිසා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මගින් කල මේ මහඟු සේවාව අපි අගේ කොට සලකමු. සන්නිවේදන ඉතිහාසයේ පුරෝගාමිකයෝ වශයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට මෙවන් සේවාවන් තව තවත් සිදු කිරීමට ලැබේවා, (නදී)

:       0       0

සමන්ජය Thursday, 16 October 2014 06:05 AM

දිලූ මැදපෙරදිග බන්ධනාගාර ගැන හොඳට දන්නේ ඒවායේ කාලයක් හිටි කෙනෙක් වගේනේ. (නි)

:       0       0

සරාම් Thursday, 16 October 2014 06:08 AM

මේක පුදුම රටක් තමයි. හිරේ ඉන්න අය ගෙදර යවන්න හදනවා , ගෙදර ඉන්න අහිංසකයෝ හිරේට දන්නා හදනවා . කාට කියන්නද මේවා . (ස)

:       0       0

සරාම් Thursday, 16 October 2014 06:13 AM

මටත් හිරේ යන්න හිතෙනවා කුඩු ටිකක් විකුණලා , ගෙදර ඉන්නවට වැඩිය ලාබයි. කෑම නොමිලේ. බෙහෙත් නොමිලේ. ඉන්න නොමිලේ. මළගෙවල් ම්ගුල්ගේවල් වියදම් නැහැ . දැන් ටෙලිෆෝන් එකත් නොමිලේ . (ස)

:       0       0

රංග Thursday, 16 October 2014 03:00 PM

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මගින් කළ මේ මහඟු සේවාව අගය කොට සලකමු.හොඳ වැඩක්..සිරකරුවෝද මනුෂ්‍යයෝ.(හේ)

:       0       0

ගාමිණී - සිරිවර්දන Wednesday, 15 October 2014 04:06 PM

ඔය මොනවා කීවත් කලත් , රැඳවියන් බොහෝ දෙනෙකු ළඟ මොබයිල් ෆෝන් තියෙනවාමයි .නැති ඈයෝ තියෙන අයට වැඩිපුර මුදල් ගෙවා පහසුකම් ලබාගන්නවා.ගෙදරට හලෝ... වැදගත්,පාතාලේ අකටයුතු නම් මේ නිසා නොවැද ගත් ! (අ)

:       0       0

ගාමිණි සිරිවර්ධන Wednesday, 15 October 2014 04:57 PM

(අ) ට ස්තුතියි මගේ නම නිවැරදිව පලකිරීම ගැන (හේ ) පලකරනේ ගාමිණී පමණකි.එයාගේ අතින් පයින් යනවද සිරිවර්දන නම පල කිරීමට. ගාමිණී නමින් වෙනත් අය ප්‍රතිචාර දක්වන නිසයි එයාට 3 වතාවක්ම දැනුම් දුන්නේ.තව දුරටත් එසේ කරන්නේ නම් කර්තෘ මණ්ඩලයටත්, පාලන අධිකාරියටත් දැනුම් දීමට මා හට සිදුවෙයි I (අ)

:       0       0

හෂාන් Wednesday, 15 October 2014 05:53 PM

මමත් කියනවා මේක කාලෝචිතයි කියලා. (නි)

:       0       0

පිටිගල Wednesday, 15 October 2014 06:04 PM

බොහොම කාලෝචිතයි. (නි)

:       0       0

අශෝක Thursday, 16 October 2014 07:34 AM

බලන්නකෝ ඒකෙත් හැටි. (නි)

:       0       0

ටෙනිසන් Wednesday, 15 October 2014 08:55 PM

මේක නම් හොඳ වැඩක් (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 16 October 2014 12:56 AM

සියලුම ඇමතුම් පටිගත කළොත් හොඳයි කියලා මට හිතෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1569 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site