IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හේරත් නවසීලන්ත පිල කරකවා අතහරී

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්ත පිල අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී රංගන හේරත්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කඩුලූ 10 ක පහසු ජයක් ලබාගත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගත්හ. ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පැවැති ටෙස්ට් තරගයකදී හොඳම පන්දු යැවීම වාර්තා කළ රංගන හේරත් ගාල්ල ටෙස්ට් තරගයේදී ලකුණු 108 කට කඩුලූ 11 ක් දවාගනිමින් 2012 වසරේදී මෙතෙක් වැඩිම කඩුලූ දවාගෙන සිටින ටෙස්ට් පන්දු යවන්නා බවටද පත්විය. මෙම වසරේදී ටෙස්ට් තරග 7 කට සහභාගි වී ඇති හේරත් කඩුල්ලක් සඳහා ලකුණු 21.34 ක සමාන්‍යයක් රඳවා ගනිමින් කඩුලූ 46 ක් ලබාගැනීමට සමත්ව සිටින අතර ඔහුට ඉතාමත් ආසන්නයේ සිටින එංගලන්ත පිලේ ගේ‍්‍රඒම් ස්වෝන් 2012 වසරේදී ටෙස්ට් තරග 11 කට සහභාගි වෙමින් කඩුලූ 45 ක් දවාගෙන ඇත්තේ කඩුල්ලක් සඳහා ලකුණු 32.46 ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. මේ වන විටත් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව සිවුවැනි ස්ථානයේ සිටින හේරත්, නවසීලන්ත පිතිකරුවන් අන්ද මන්ද කරමින්, ඉතාමත් පහසුවෙන්ම ගාල්ල ටෙස්ට් තරගයේ වීරයා සම්මානය තමන් සතුකරගත්තේය. කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත පිල පළමු ඉනිමේදී ලකුණු 221 කට දවාගැනීමට සමත්වූ නමුත් ඉදිරි පෙළපිතිකරුවන් අසාර්ථක වීම නිසා ශී‍්‍ර ලංකා පිල සිතූ තරම් විශාල මුල් ඉනිමේ වාසියක් ලබාගත නොහැකි විය. එවන් තත්ත්වයක් මත නවසීලන්ත පිලට ලබාගත හැකිව තිබූ තරගයේ වාසිය කණපිට පෙරැුළුෑ හේරත් ඊයේ දිනයේදී ලකුණු 43 කට කඩුලූ 6 ක් දවාගත්තේ ශී‍්‍ර ලංකා පිලේ ජයග‍්‍රාහී ඉලක්කය ලකුණු 93 ක් තරම් ආසන්නයට ගෙන එමිනි. සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ දිමුත් කරුණාරත්න මුල් ඉනිමේදී ලකුණු නොලබා දැවී ගියද දෙවැනි ඉනිමේදී අලංකාර පිතිහරඹයක නිරත වෙමින් නොදැවී ලකුණු 60 ක් ලබාගත් අතර තරංග පරණවිතානද නොදැවී ලකුණු 31 ක් ලබාගනිමින් ශී‍්‍ර ලංකා පිල කඩුලූ 10 ක ජයක් කරා කැඳවාගෙන ගියහ. කරුණාරත්නගේ මංගල ටෙස්ට් අර්ධ ශතකය සඳහා හතරේ පහර 9 ක් ඇතුළත් විය. තරගයේ දෙවැනි දින අවසානයට ස්වල්ප වේලාවකට පෙර ශී‍්‍ර ලංකා පිලේ මුල් ඉනිම ලකුණු 247 කට සීමා කළ නවසීලන්ත කී‍්‍රඩකයෝ සිය ප‍්‍රබලතම පිතිකරුවා වන බ්‍රෙන්ඩන් මැකලම්ගේ කඩුල්ල එදිනම අහිමි කරගත්හ. මහත් බලාපොරොත්තු ඇතිව තුන්වැනි දිනය ආරම්භ කළ නමුත් නවසීලන්ත නායකයාද ඇතුළුව ඉදිරි පෙළ පිතිකරුවන් සිවු දෙනකුම ලකුණු 60 ක් තුළදී දැවී ගිය හෙයින් මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවෝ පීඩනයට නතුවූහ. එහි අනුයාත ප‍්‍රතිඵලය වූයේ සංචාරකයන්ගේ අවසන් කඩුලූ 58 ක් තුළදී ඇද වැටීමයි. තම පන්දු යවන්නන් උපක‍්‍රමශීලීව යොදා ගනිමින් නවසීලන්ත පිතිකරුවන්ට බුරුළක් නොදුන් නායක මහේල ජයවර්ධන විසින් ටෙ‍්‍රන්ට් බෝල්ට් දවාගැනීමට රැුකගන්නා ලද්දේ සිය 189 වැනි ටෙස්ට් උඩපන්දුවයි. මේ වන විට ලෝකයේ වැඩිම ටෙස්ට් උඩපන්දු සංඛ්‍යාවක් රැුකගත් කී‍්‍රඩකයන් අතර තුන්වැනි ස්ථානයේ සිටින මහේලට ඉදිරියෙන් සිටින්නේ  ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු නායක රිකී පොන්ටිං (194) සහ ඉන්දීය පිලේ හිටපු කී‍්‍රඩක රාහුල් ද්‍රාවිඞ් (210) පමණි. ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් තරගය මේ මස 25 වැනිදා කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.



අදහස් (0)

හේරත් නවසීලන්ත පිල කරකවා අතහරී

කුරුවිට Tuesday, 20 November 2012 04:06 PM

රජ වැඩකාරයා මම මේ කාලයේ..!(නු)

:       0       0

සජී Tuesday, 20 November 2012 04:53 PM

නැගී එන තරුවක්. (නි)

:       0       0

සාලිය Wednesday, 21 November 2012 02:06 PM

අයියෝ සල්ලි

:       0       0

කමල් Tuesday, 20 November 2012 12:24 PM

නියමයි හේරා................ සුබ අනාගතයක් (ස)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 20 November 2012 01:45 PM

නියමයි රංගන (ස)

:       0       0

ලලිත් Wednesday, 21 November 2012 03:31 AM

මුරලිගෙන් පසු රංගන දක්වන දස්කම් ගැන රටම ආඩම්බරයි. ඔබට අංක එකේ ස්ථානය ලැබීමට වසනා වේවායි පතමි!. මුරලි නිසි වෙලාවට විශ්‍රාම ගිය නිසයි රංගනට අද මෙතනට එන්න ලැබුණේ. එහෙම නොවුණා නම් රංගන කෙනෙක් අපට නැතුව යන්නත් තිබුණා. එම නිසා අපි මුරලිට ගරු කරන ගමන් අනික් උදවියත් නිසි කලට මීළග පරම්පරාවට තැන ලබා දියයුතුයි. (නි)

:       0       0

බන්දුල Tuesday, 20 November 2012 07:16 PM

රංගන හේරත් සහ දිමුත් ඔහොම යන් , සුබ අනාගතයක් (ස)

:       0       0

අචිනි Tuesday, 20 November 2012 02:17 PM

අපේ සිංහ පැටවුන්ට ජය වේවා .. (ස)

:       0       0

අසංක Tuesday, 20 November 2012 02:00 PM

නියමයි හේරත්

:       0       0

තාරක Wednesday, 21 November 2012 04:19 PM

ජයවේවා ..... නියමයි

:       0       0

පෙරේරා Wednesday, 21 November 2012 11:17 PM

රංගන,ඔබ දක්ෂයෙක්. ඔබේ හැකියාවන් පෙන්වන්න. (නි)

:       0       0

වන්නි Tuesday, 20 November 2012 11:05 AM

නියමයි හේරත්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 64 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 859 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site