
(ආරියරත්න රණබාහු )
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙවර මහ කන්නය වෙනුවෙන් ගොවීන්ට ලබා දුන් රුපියල් 25000 පොහොර සහනාධාරය අත්හිටුවීමට මැතිවරණ කොමිසම ගෙන ඇති තීරණය ඉවත්කරන ලෙස ඉල්ලා හරිත ටීවී ආයතනය වෙනුවෙන් නීතිඥ නුවන් ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් බාර දුන්නේය .
එම ලිපිය භාරදීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ නීතිඥ නුවන් ජයවර්ධන මහතා මෙසේ කීය.
හරිත ටීවී නාලිකාව ධීවර සහ ගොවි ප්‍රජාව මූලිකව කටයුතු කරන ලංකාවේ එකම නාලිකවයි.පසුගිය දිනවල ගොවි ජනතාව විශාල පිරිසක් ඔවුන්ට සිදු වූ බලවත් අසාධාරණයක් ගැන මැදිහත් වන ලෙස ඉල්ලා සිටියා රුපියල් 15000 ක්ව පැවති පොහොර සහනාධාරය වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ කැබිනටි පත්‍රිකාවක් මගින් තවත් රුපියල් දහදාහකින් වැඩිකර රුපියල් 25000ක පොහොර සහනාධාරයක් ලෙස සහ 2022වසරේදි ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ලැබුණු රජය සතුව පවතින අතිරික්ත එම් ඕ පි පොහොර තොගයත් මෙවර මහකන්නය සදහා ගොවීන්ට බෙදා දෙන ලෙස උපදෙස් දී තිබුණා.
නමුත් මැතිවරණ කොමිෂන් සභාව විසින් එම එම ක්‍රියාවලිය අත්හිටුවනු ලැබුවා මේ සම්බන්ධව ගොවි සංවිධාන විශාල පැමිණිලි සංඛ්‍යාවක් හරිත ටී වී නාලිකාව වෙත යොමු කර තිබුණා ඒ අනුව අප මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් කළේ මෙම ක්‍රියාවලිය කිසිසේත් මැතිවරණ ප්‍රවර්ධනය කිරීමක් හෝ ප්‍රචාරක කටයුත්තක් නොවන බවයි.
මෙයදේශපාලන කටයුත්තක් නෙවෙයි. මහ කන්නය වගා කරන ගොවින්ට මේවා නොලැබුණොත්ඔවුන්ට විශාල පාඩුවකට මුහුණ දීමට සිදුවෙනවා මේ රටේ පවතින ආර්ථික අර්බුදයට වග කිවයුතු වන්නේ ගොවි ජනතාව නොවෙයි දේශපාලනාධිකාරියයි.
(ළහිරු හර්ෂණ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් සහ සජිත් ජනාධිපතිවරණයට පෙර දෙමින් සිටි සහ දෙන්න ගිය මේ පොහොර සහනාධාර එහෙම මැතිවරණ නිසා නැවැත්වෙව්වා. ඇයි එතකොට කතා නොකරේ? කාටත් එකම හැන්දෙන් බෙදන්න එනවා කියපු රජය නියම විදිහට වැඩ කරයි කියා බලාපොරොත්තු වෙනවා...
ඔව් ඒක හරි වැඩක් නේ, ඡන්දය කියා ගොවිතැන් වැඩ, කන්න බොන්න, නොකර ඉන්න ඕනද? රජයේ වැඩපිළිවෙලට බාධා කරන යටිකූට්ටු කරුවන් විපක්ෂයේ ආධාරකරුවන් විය යුතුයි. ඔවුන්ට දඬුවම් දෙන්න.
ආහාර සඳහා ඇති අයිතිය වෙනත් ඕනෑම නීතියක් අභිබවා යයි. රටේ ජනතාවගේ පැවැත්මට අවශ්‍ය භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේදී පොහොර සැපයීම අත්‍යවශ්‍ය අංගයකි. අනික මේක කිසිම පුද්ගලයකුට හෝ යම් ප්‍රජාවකට කරන දේශපාලන අනුග්‍රහයක් නෙවෙයි මුළු ජාතියටම. ඕනෑම මිනිසෙක් නීති බලපත්‍ර, ව්‍යතිරේක ඇති කළ බැවින්, සනීපාරක්ෂාව පවතින පරිදි එහි එක් නීතියක් ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිමු.