IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හේරත්ගේ/සම්බන්ධන්ගේ පෙත්සම විසිවේ

හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව දෝෂාභියෝග තේරීම්කාරක සභා වාර්තාව බල රහිත කරමින් අභියාචනාදිකරණය නිකු කළ සර්ටියෝරාරි රිට් ආඥාව අහෝසි කරන ලෙස ඉල්ලා නීතිපති ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් සහ ආර් සම්පන්දන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අද (28) ඉවත දමන ලදී.

එම අභියාචන පෙත්සමට එරෙහිව ඉදිරිපත් කළ මූලික විරෝධතා සම්බන්ධ කරුණු සලකා බලා එහි තින්දුව ප්‍රකාශ කරමින් සලීම් මර්සුෆ්, පී ඒ රත්නායක, සත්‍ය හෙට්ටිගේ, ඊවා වනසුන්දර සහ රෝහිනී මාරසිංහ යන පංච පුද්ගල විනිශ්ච මණ්ඩලය විසින් ලබා දුන් මෙම තීන්දුව විනිසුරු මඩුල්ලේ සභාපති සලීම් මර්සුෆ් මහතා විසින් ප්‍රකාශයට පත් කැරිණි.

සිය මූලික විරෝධතාවලින් එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා අධිකරණය හමුවේ කියා සිටියේ නීතිපතිවරයා අභියාචනාධිකරණයෙහි විභාග වූ නඩුවේ පාර්ශ්වකරුවකු නොවන බැවින් එම එම අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනා කිරීමට නීතිපතිට නෛතික බලයක් නොමැති බවය.

එම විරෝධතාවන් ඉවත දැමූ ශ්‍රෙෂ්ඨාධිකරණය නීතිපතිවරයාගේ අභියාචන පෙත්සම ලබන ජුලි 16 වැනිදා විභාගයට ගැනීමට තීන්දු කළේය.



අදහස් (0)

හේරත්ගේ/සම්බන්ධන්ගේ පෙත්සම විසිවේ

කුමාරසිරි Friday, 28 June 2013 08:26 PM

ගොනා ඔය හැරුනේ පොල්පලේට තමයි.(නදී)

:       0       0

පෙරේරා Saturday, 29 June 2013 06:03 PM

වව්නියාවේ බන්දනාගාරේ කොටි කැරැල්ල මැඩ පවත්තපු එක ගැන මේ හේරත් මහත්තයා කියල තිබුණු දෙයින් මෙයාගේ ඇගෙ ලොකු කොටි පුල්ලි තියෙනවා කියල අපිනම් දැන ගත්තා. සම්බන්දන් එක්ක එකතු වෙලා කරන මේ දේවල් ගැව පුදුමයක් නැහැ.(නදී)

:       0       0

අමරනාත් Friday, 28 June 2013 10:40 PM

මේවා හරියට අගෙන් කිරි දෝවනවා වගේ වැඩ. (නි)

:       0       0

නන්දිකා Saturday, 29 June 2013 01:32 AM

දී කිරට බළල්ලුත් සක්කිලු.(නදී)

:       0       0

සමීර Friday, 28 June 2013 05:31 PM

එස් .බ්. දිසානායක මහතා නිතිය ගැන කියපු වචනය සත්‍ය වෙනවා වගේ.(නදී)

:       0       0

නාමල් Saturday, 29 June 2013 02:54 PM

සම්බන්දන් උදවු කරන්නේ ඇයි කියලා හිතල බලන්න මොලේ නැද්ද මේ ප්‍රතිචාර දාන අයට? (නදී)

:       0       0

ජයන්ත Saturday, 29 June 2013 07:55 AM

කෝ අපේ මේ විජිත හේරත් මහත්තයා අයියෝ අප්පා ඒකත් අවුල් නේද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site