IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


හොරණ කම්හලේ හිමිකරු රිමාන්ඩ්

බිමල් ශ්‍යාමන් ජයසිංහ

හොරණ බැල්ලපිටිය රබර් කර්මාන්තශාලාවේ පස්දෙනෙකුට මරු කැඳවු සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට බාරවු කර්මාන්තශාලාවේ හිමිකරු සරත් විජේරත්න මැයි 11 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (27) නියෝග කළේය.

ජනාධිපති නීතිඥ හා නීතිඥ සංගමයේ සභාපති යු .ආර්. සිල්වා  මහතා ප්‍රමුඛ නිතිඥ කණ්ඩායමක් කර්මාන්ත ශාලාවේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටියහ.

මීට අමතරව කර්මාන්තශාලාවේ කළමනාකරු  ඒ.කේ.ඩී.ආර්. එදිරිසිංහ සහ එහි රසායන පාලිකාව වන ඉනෝකා සජිවනී යන දෙදෙනා ද මැයි 11 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කැරිණි.

ඉකුත් 19 වැනි දා සිදු වු මෙම ඛේදවාචකයෙන් එම කර්මාන්තශාලාවේ සේවකයන් දෙදෙනකු ඇතුළු පස් දෙනෙකු මිය ගිය අතර 34 ක් රෝගාතුර විය.



අදහස් (3)

හොරණ කම්හලේ හිමිකරු රිමාන්ඩ්

සතයපාල Friday, 27 April 2018 07:56 AM

අනිවාර්යෙන්ම මෙම පුද්ගලයා අත්අඩංගුවට පත්විය යුතුයි. ඒ වගේම තම ධනබලය ප්‍රදර්ශනය කරමින් නීතිඥ සංගමයේ සභාපති ඇතුළු නීතිඥවරු කණ්ඩායමක් සමග පැමිණිම විශේෂයෙන් පොලිසියට බලපෑම් කිරිමේ අරමුණ ඇතුව විය හැකිය.

:       1       6

de silva berlin Friday, 27 April 2018 08:05 AM

දැන් කල යුත්තේ බලධාරීන් මැදිහත් වෙලා අයිතිකරුවන් සමග සාකච්ඡා කර, කරුණාකර මිය ගිය පුද්ගලයින්ගේ පවුල්වලට සාධාරණ වන්දියක් ලබාදෙන්න කටයුතු කර (අඩුම තරමේ එක පුද්ගලයෙකුට ලක්ෂ 50 වත්) සහ රජය මැදිහත් වී කම්හලේ තිබෙන අඩුපාඩු පිළිසකර කර නැවත නිෂ්පාදනය අරඹලා රැකියා අහිමි වූ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කරන්න. මෙම අනතුරට කම්හල් පාලකයෝ පමණක් නොව පරිසර අධිකාරිය ඇතුළු ආයතනවල නිලධාරින්ද වගකිව යුතුය. කම්හල් වහලා කලමනාකරුවන්, අයිතිකරුවන් සති කිහිපයක් රිමාන්ඩ් කර පසුව ඇප දීලා එළියට දමා නඩුව අවුරුදු 10ක් විතර ඇදගෙන ගියා කියලා... මියගිය පුද්ගලයින්ගේ පවුල්වලට සහ රැකියා අහිමි වුණු සේවකයන්ට වෙන සෙතක් නැත. මෙම පාලකයෝ සේවකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු පියවර පැහැර හැර ඇතිබව ඇත්ත... නමුත් ඔවුන් හිතාමතාම මිනි මැරීමේ චේතනාවෙන් මෙය කර නැත.

:       41       60

සතයපාල Friday, 27 April 2018 08:12 AM

අනිවාර්යෙන්ම මෙයා රිමාන්ඩ් භාරයට පත් කළ යුතුයි. මෙයාගේ බලපුළුවන් කාරකම පෙන්වන්න වෙන්න ඇති නීතිඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු නීතිඥ කණ්ඩායමක් එක්ක ඇවිත් උසාවියට බාර වුනේ. පොලිසියත් මෙයාගේ බලයට යටවෙලා තමයි බාරවෙනකම්ම ඇඹරි ඇඹරී හිටියේ...

:       3       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 164 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2055 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1582 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site