IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘හිරුණිකා ජාවත්තේ ගෙයක් අල්ලාගෙනලු‘

කොළඹ 05, ජාවත්ත පාරේ පිහිටි නිවාසයක බලහත්කාරයෙන් රැඳී සිටියේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හා ඇයගේ මවට එරෙහිව ගොනු කළ නඩුවක් මාර්තු මස 29 වැනිදා කැඳවීමට කොළඹ දිසා අධිකරණය අද (06) තීන්දු කළේය .

කොළොන්නාවේ පදිංචිකරුවන් දෙදෙනකු වන රොහාන් වික්‍රම දෙපලගේ සහ රුවන් විජේසේකර නීතිඥ ප්‍රියදර්ශනී වීරසේකර මාර්ගයෙන් ගොනු කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ තමාට අයත් කොළඹ 05 ජාවත්ත පාරේ පිහිටි සමිට් මහල් නිවාසයේ ගොඩනැඟිල්ලක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා ඇයගේ මව සුමනා ප්‍රේමචන්ද්‍ර බලහත්කාරයෙන් අත්පත්කරගෙන ඇති බවයි.

එය තමාට නැවත ලබාදෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිලිකාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලයි.

පක්ෂ කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා මොවුන් විසින් තමාට අයත් ගොඩනැඟිල්ලක් ලබා ගත් බවත්, එය නැවත තමාට දෙන ලෙස ඉකුත් පෙබරවාරි මස සිට ඉල්ලීම් කරනු ලැබුවද, එම ඉල්ලීම මෙතෙක් ඉටුනොවුණු බව පැමිණිලිකරුවන් අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී ඇත.



අදහස් (0)

‘හිරුණිකා ජාවත්තේ ගෙයක් අල්ලාගෙනලු‘

අරුණ Wednesday, 06 January 2016 10:56 AM

රට කන්නන්ට යහපාලනේ. දුප්පත් අපිට යමපාලනේ! (කෞ)

:       0       0

සුරාජ් Wednesday, 06 January 2016 10:55 AM

මෙයා ගොඩක් හිතට අරගෙන වගේ. අනුකම්පා චන්දෙ ලැබුන අය ගොඩක් මේ වගේ. මොකද වැඩ කරලා නෙවේ දුක කියල ගත්ත චන්ද නිසා. කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි (කෞ)

:       0       0

දුමින්ද Wednesday, 06 January 2016 11:02 AM

චෞර රැජිනගේ උපදෙස් මත යැපෙන අය යන්නෙත් ඒ පාරෙම තමයි.!!! (බ)

:       0       0

සමරරත්න Monday, 25 January 2016 06:40 AM

ඕක එක වරදක් විතරයි ටිකක් ඉවසමු (බ)

:       0       0

ජයවික්‍රම Wednesday, 06 January 2016 11:03 AM

හොද අනාගතයක් තියෙනෙ කෙනෙක්නෙ මේ ඉල්ලගෙන කන්නෙ. මහ කකුළුව ඇදේට යන ගමන් පොඩි කකුළුවන්ට කෙලින් යන්න කියලා දෙනවා...(බ)

:       0       0

ජයන්ත දසනායක Wednesday, 06 January 2016 11:04 AM

මේක යහ පාලනයේ වරදක් නොවේ. නැහැදිච්චකම. අනික දේශපාලන වැඩවලට ගෙවල් දෙන්නේ මොකටද? (බ)

:       0       0

සුමිත්‍ර බස්නායක Wednesday, 06 January 2016 11:15 AM

සාධාරණ , යහපාලනයක් උදෙසා මම ඇප, කැප වෙමි. එදා කිව්වේ එහෙමය්. (බ)

:       0       0

දිනේෂ් Wednesday, 06 January 2016 11:49 AM

අපේ ජනාධිපතිතුමාගේ හොඳම ගෝලයෙක් ඔහොම කරනකොට එතුමාට මොකක්ද හිතෙන්නේ කියලාවත් මේ අහිංසකත්වයේ දෙවඟන හිතනවාද මන්දා. දැන් කීයක් දේවල්ද මෙයාගේ නමට තියෙන්නේ. (බ)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 06 January 2016 12:22 PM

බලන් යනකොට මෙයා මාර බඩුවක් නේ දැන් තමා මෙයාගේ වැඩ එළියට එන්නේ (බ)

:       0       0

රුවන් Wednesday, 06 January 2016 12:27 PM

මගුලක් වුනත් තීන්දු කරන කොට පවුල් පසුබිම බලන එකේ වරදක් නැහැ කියලා හිතෙන්නේ මේවා අහන කොට. (බ)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 06 January 2016 12:33 PM

මෙයාගේ වැඩ කෙරුවාව සහ ඇගේ බයිලා /සුරංගනා කතා අතර විශාල වෙනසක් ඇත. මෙවැන්නියන් පාර්ලිමේන්තු අරින අය සිටින්නේ ලංකාවේ පමණකි. (බ)

:       0       0

විජිත් Wednesday, 06 January 2016 12:46 PM

මෙයා මහාම මහා කරදරයක් වුනානේ. (බ)

:       0       0

ඇසළ Wednesday, 06 January 2016 12:54 PM

ජන්මේ පුරුද්ද ඕක උණ පුරුකේ දැම්මත් කෙලින් කරන්න බැහැ. (බ)

:       0       0

ජගත් Friday, 08 January 2016 06:46 PM

" කිරි මුට්ටියට ගොම බිඳක් " එකතුකිරීමට යහපාලනය සඳහා අන්තිම මොහොතේ උරදුන් මේ ලාබාල මන්ත්‍රීවරියට හැකිවුණා. කොළොන්නාවේ ජනතාව කණගාටුවිය යුතුයි මෙයාව පාර්ලිමේන්තු යැවුවාට (නි)

:       0       0

අබරන් Wednesday, 06 January 2016 10:00 AM

ඔන්න යහපාලනය ක්‍රියාත්මක නම් වෙනදේ බලමු.!!!!!! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site