IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හිරුණිකාගේ ගෝල කට්ටිය හඳුනා ගැනෙති

දෙමටගොඩ දී රෙදි සාප්පු සේවකයකු පැහැරගෙන පහර දුන්නේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ සහායකයන් බව කියන අට දෙනා හඳුනා ගැනිමේ පෙරට්ටුවේ දී හඳුනා ගැනීමට සාක්කි කරුවෝ සමත් වූහ.

පරීක්ෂණ බොහෝ දුරට අවසන් වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා විසින් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මහත සැකකරුවෝ අට දෙනා මුදා හරිනු ලැබූහ.

රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතා උසාවියට කියා සිටියේ වෙනත් සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැති බවයි.

වෙනත් සැකකරුවන් යනුවෙන් ඔවුන් නම් කිසිවක් සඳහන් කළේ නැත.

පැහැර ගැනීමේ සිද්ධියට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි තුන් වැනි සැකකරුගේ දියණිය (11) ද සාක්කිකාරියක ලෙස සිය පියා හැර සෙසු සැකකරුවෝ හඳුනා ගත්තාය.

ඇගේ පියා වන තුන් වැනි සැකකරු එම පෙරට්ටුවට ඉදිරිපත් කර නොතිබිණි.

ඇගේ පියා වෙනත් පෙරට්ටුවකට ඉදිරිපත් කර තිබූ අතර සෙසු සාක්කිකරුවෝ ඔහු හඳුනා ගත්හ.

එම දැරියට කිසිදු බලපෑමක් නොකරන ලෙස සෙසු සැකකරුවන්ට ඇප   දෙද්දී මහේස්ත්‍රාත් තරේයේ අවවාද කළේය.

වීඩියෝ - කසුන් පතිරණ



අදහස් (0)

හිරුණිකාගේ ගෝල කට්ටිය හඳුනා ගැනෙති

සරෝජ් ජයසේකර Wednesday, 06 January 2016 07:15 PM

කොහොමත් කලින් සිදුවුණ දේවල්ම බලය සහ නිලය යොදා දැනුත් කරනවා සහතිකයි (නි)

:       0       0

මාගලී ෆොන්සේකා Wednesday, 06 January 2016 07:28 PM

හිරුණිකාගේ පියා මරපු අයව අත්අඩංගුවට ගත්තාද? අනේ! ඒවා දැන් හැමෝටම අමතක වෙලාද? (නි)

:       0       0

ඉරෝෂ් Wednesday, 06 January 2016 11:58 AM

ඇති යන්තම් ඔහොමවත් වුණා, ලංකාවේ සිදුවුණ ලොකුම අපරාදේ හැටියට තමා මේක ප්‍රසිද්ධ වුනේ, සමහරක් කට්ටියට නින්ද යන එකක් නෑ එ්ත් තවම. (බ)

:       0       0

සජිත් Wednesday, 06 January 2016 12:01 PM

අනේ ස්වාමිනි.......කිසිවක් නොදන්නා මේ අහිංසක කිරිසප්පයෝ ටික නිදොස්කොට නිදහස්කරනු මැනවි.ඔහු තමන් විසින් තමන්ම පැහැර ගෙන ඇත. (බ)

:       0       0

සුමිත්‍ර බස්නායක Wednesday, 06 January 2016 12:03 PM

ඊළඟට මොකක්ද වෙන්නේ. (බ)

:       0       0

අජිත් Thursday, 07 January 2016 12:20 AM

හිරුණිකා, නොසැළී සිටින්න. බුද්ධිමත් ජනතාවට හැමදේම හොඳට තේරෙනවා. (නි)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 06 January 2016 12:35 PM

ඒ වුනාට සිද්ධියට අදාල ප්‍රධාන සැකකාරිය ගැන කිසිම දෙයක් කරලා නැහැ .එතුමිය කොලොන්නාව පුරවරයේ ඒකාධිපතිනියක් වෙලා වගේ. මිනිස්සුන්ගේ ගෙවලුත් බලෙන් අයිතිකරගන්න යනවා කියල වටින් ගොඩින් ආරංචි පැතිරෙන්නේ නිකම්ම නොවේ වෙන්න ඇති (බ)

:       0       0

ප්‍රසන්න Thursday, 07 January 2016 01:09 AM

ගොඩක් අය ඉස්සරට වැඩිය දැන් නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා හිත හදාගන්න බලනවා. ඉස්සර වැරදි තිබුන නිසා තමයි, ඒ පාලනයට තිත තිබ්බේ. නැතුව මෙවන් නීතිය අතට ගැනීම් බලාපොරොත්තුවෙන් නෙමෙයි. (නි)

:       0       0

ඇසළ Wednesday, 06 January 2016 12:46 PM

ප්‍රධාන සැකකරයා ඉදිරිපත් කරන්න බැහැ පොලිසියටත් නිතිපතිටත් පෙන්නේ නැති නිසා. පෙන්නේ මහා ජනයාට පමණයි. (බ)

:       0       0

විජිත් Wednesday, 06 January 2016 12:51 PM

එතකොට හිරුනිකා...? ආ මට වැරදුනා. එයා යහපාලනයේ එක්කෙනෙක්නේ..එයාට අත තැබීම තහනම්. (බ)

:       0       0

දහම් Wednesday, 06 January 2016 12:54 PM

මෙතන රජයේ නීතිවේදීන් පෙනී ඉන්නේ කා වෙනුවෙන්ද? පොලිසිය සහ පැමිණිල්ල වෙනුවෙන්ද? එතකොට මේ නඩුව මෙහෙයවන්නේ නීතිපති දෙපාර්තමේන්තුවද? නොදන්නා නිසයි අහන්නේ. (බ)

:       0       0

අසාද් Wednesday, 06 January 2016 01:52 PM

ලක්ෂ්මන්ලට මතක නැහැ මහින්දගේ කලේ කොහොමද නිතිය ක්‍රියාත්මක වුණේ කියල. ගොඩාක් මහින්දගේ ගෝල බාලයෝ ටිකට මේ යහපාලනයෙන් නිතිය ක්‍රියාත්මක වීම වහ කදුරු කනවා වගේ දෙයක්. (අ)

:       0       0

රොමේෂ් සිල්වා Wednesday, 06 January 2016 02:09 PM

මේගොල්ලෝ කරන්නේ මහින්දගේ ඉතුරු ටික.. දෙගොල්ලම එකයි. (අ)

:       0       0

ජගත් Wednesday, 06 January 2016 02:27 PM

අපි ඒ ගොල්ලෝ හොඳ නැහැ කියල මේ ගොල්ලෝ පත් කළා.බලාගෙන ගියාම මේ ගොල්ලෝ කරනෙත් ඒ ගොල්ලෝ කරපු වැඩම තමයි. අනේ මන්ද අපි කාට චන්දෙ දෙන්නද කියල. (කෞ)

:       0       0

බිනර Wednesday, 06 January 2016 02:45 PM

හිරුනිකා ඇතුළු ගෝලබාලයෝ ටිකට මඩු වලිගෙන් තලන්න ඕනේ ...අසරණයෝ පැහැරගෙන ගිහින් නඩු ඇහුවට (බ)

:       0       0

ජගත් ලියනගේ Wednesday, 06 January 2016 02:52 PM

අපි ගිය අවුරුද්දෙ ජනවාරි 08 වැරද්දක් කරගත්ත කියල දැන් හිතෙනවා. (බ)

:       0       0

සජිත් Wednesday, 06 January 2016 03:00 PM

ප්‍රධාන සැකකරුටත් නීතිය ක්‍රියාත්මක විය යුතුය (බ)

:       0       0

ජගත් ලියනගෙ Wednesday, 06 January 2016 04:02 PM

වීඩියෙ එක බැලුවම පෙන්නේ මෙයා තොත්ත බබෙක් කියල. අවුලකට තියෙන්නේ කතා කරනකොට ගොත ගැහෙන එක. (අ)

:       0       0

සිරිමලී Wednesday, 06 January 2016 04:02 PM

කොහොම වුනත් , මෙතන සැක කාරයෝ ඉන්නවා ඩිපෙන්ඩර් එකක් තියෙනවා , නඩුවක් තියෙනවා , උස්සපු එකා පණපිටින් ඉන්නවා... විස්තරේ දන්නවා.. සූදු වැන් වලින් උස්සපු උන් කෝ ? උන් ගේ මලකදන් වත් තිබුනද ? නඩු තියෙන වාද ? ඉස්සර මාධ්‍ය කතා කලාද ? ඉතින් යහ පාලනය නේද ? (කෞ)

:       0       0

ටෙනිසන් Wednesday, 06 January 2016 04:51 PM

අසාද්,සිරිමලී, අතීතය අතීතය සමඟ තියන්න. වර්තමානය හා අනාගතය ගැන කතා කරන්න. අතීතය හදන්න බැහැනේ, නමුත් අනාගතය හැදිය හැකියි (නි)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 06 January 2016 05:05 PM

හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට (නි)

:       0       0

සෙනරත් Wednesday, 06 January 2016 05:01 PM

සිරිමලී, මහින්දගේ පළමු අවුරුද්දයි යහපාලනයේ පළමු අවුරුද්දයි සංසන්දනය කරලා බලන්න. එතකොට හොඳට තේරෙනවා මේ හිරුණිකාලා යන යහපාලනයේ තරම. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site