IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හොරට වැඩ කළ වෙදා ගැන සොයයි

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකා සභාව මගින් වැඩ තහනම් කර තිබියදී නීති විරෝධී ලෙස රාජකාරි කළ බව කියන කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට  විනය පියවර ගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දැන්වා ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එම අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා ගේ වැඩ මාස 8කට තහනම් කළ බව සඳහන් ලිපියක් තමා වෙත  ලැබුණු අතර එහි පිටපතක් ඔහු රාජකාරිකරන ආයතනයේ ප්‍රධානියට යැවූ බව ද අසේල ගුණවර්ධන මහතා පවසයි.

ආයතන ප්‍රධානියා මැදිහත්වී ඔහු රාජකාරීවලින් ඉවත් කළ යුතුව තිබූ බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය. 



අදහස් (4)

හොරට වැඩ කළ වෙදා ගැන සොයයි

Nimal Sunday, 06 August 2023 06:10 PM

මොනවද මේ විකාර කතා...? ඇස් පොට්ටද? ඔය JMO වැඩ තහනමක් තිබියදීත් වැඩකළේ මේ හොර හැත්තගේ ඇස් වහලද?

:       0       16

sisira Sunday, 06 August 2023 06:25 PM

ලංකාවේ සෞඛ්‍ය සේවය පිළිබඳව මේ වනවිට දේශපාලන පක්ෂ සහ දේශපාලකයින්, වෘත්තීය සමිති සහ වෙනත් සෞඛ්‍ය සේවයට කිසිසේත්ම සම්බන්ද නොවන කණ්ඩායම් විසින් ලබදෙන්නා වූ මාධ්‍ය ප්‍රකාශ නිසා රටේ පුරවැසියන් කුමන කණ්ඩායමේ ප්‍රකාශ විශ්වාස කරන්නේද යන්න ගැටලුවකට මුහුණදී සිටි. සෞඛ්‍ය සේවයේ වගකීම සහ වගවීම පැවරී තිබෙනුයේ ඔවුන් මත නිසා ඔවුන්ගේ රාජකාරිය ඒ ආකාරයෙන් කරගෙන යාමට ඔවුන්ට අවස්ථාව ලබාදිය යුතුවේ. සෞඛ්‍ය සේවය පිළිබඳව මාධ්‍ය ප්‍රකාශ නිකුත් වන්නේ නම් අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු කණ්ඩායම් එක්ව ප්‍රකාශය ලබාදීම හැර වෙනත් පිරිස් ඔවුන් නොදන්නා සෞඛ්‍ය සේවය පිළිබඳව අදහස් පළකරමින් දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු නොකළ යුතුවේ. එම නිසා සෞඛ්‍ය සේවයේ වගකීම, වගවීම පිළිබඳ සියලු ප්‍රකාශ නිකුත් කිරීමේ බලය සෞඛ්‍ය සේවය පිළිබඳව අවබෝධයක් තිබෙන්නා වූ සෞඛ්‍ය සේවයේ නිරත පිරිස විසින් කළයුතු වේ...!

:       7       5

Bamunuarachchi Monday, 07 August 2023 03:29 AM

බණ ටෝකින් හලෝ වැඩ තහනම් කලාම ඉසෙල්ලාම දැනුම් දෙන්නේ ගිණුම් අංශයට වැටුප් නවත්තන්න. එහෙම කලාද?

:       0       5

Bamunuarachchi Monday, 07 August 2023 11:27 PM

රටේ දරුණුම මාෆියාව දොස්තර මාෆියාව. මිනියක් මැරුවත් දොස්තරයෙක් තවත් දොස්තරයෙකුට විරුද්දව සාක්ෂි දෙන්නේ නැත.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site