IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


හිරගෙදර තවත් මුල් පුටු පෙරැළෙයි?



(සුජිත් හේවාජුලිගේ)

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ  තවත්  මුල් පුටු ගණනාවක් ඉදිරි දිනවල වෙනස් කෙරෙනු ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අනුව දිවයින පුරා බන්ධනාගාරවල අධිකාරි තනතුරුවලද වෙනස් වීම් ගණනාවක් ඉදිරි දිනවල  කෙරෙනු ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධාන කිරීමට  රජය තීරණය කර ඇත. ඉහළ තනතුරු වෙනස් කෙරෙන්නේ එම වැඩපිළිවෙලට අනුව බව දැනගන්නට ඇත.

බන්ධනාගාර  කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා වැඩ තහනම් කර අත්අඩංගුවට ගැනීමෙන් පසු එම තනතුරේ වැඩ බැලීමට අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුවන  නිශාන්  දනසිංහ මහතා පත්කෙරිණ.

මේ අතර බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක මහතා මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැඩ බලන බන්ධනාගාර කොමසාරිස්වරයාට යොමු කර ඇතැයි වාර්තාවේ.

ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් පසුගිය කාලයේ දී සිට කරුවන් නිදහස් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිගින් දිගටම පරීක්ෂණ පවත්වමින් සිටී.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ කණ්ඩායම් කිහිපයක්ම ඒ ඒ බන්ධනාගාරවලට යොමු කර ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් සිරකරුවන් සියයකට ආසන්න පිරිසක් පසුගිය කාලයේදී මුදා හැර ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන්ද  එම දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමුවී ඇත.

 



අදහස් (8)

හිරගෙදර තවත් මුල් පුටු පෙරැළෙයි?

වලේසුදා Thursday, 12 June 2025 09:26 AM

මේවා ගැන සර්ව සුබවාදී ව බැලීමට තරම් මහජනයා පටු නොවිය යුතුය. බලය අතේ ඇති අය ලස්සනට සත්‍යය වසා ගනී. අතිභයානක ලෙස රටම මාලිමාකරණය වෙමින් පවතී. සත්‍යය බොහෝ කල් වසන් කළ නොහැක. දිනෙක එය මතුවේ. ලොන්ඩරි සේවකයින් කලබල විය යුතු නැත.

:       10       6

Bunny Preena Thursday, 12 June 2025 09:39 AM

පෙරලෙන ගලේ පාසි නොබැදේ

:       0       4

පිටරටවැසියා Thursday, 12 June 2025 09:53 AM

බන්ධනාගාරවල ඉන්න වෛදයවරුනුත් වෙනස් කලයුතුයි. රට කාපු තක්කඩි හැතිකරේ බන්ධනාගාරෙට ගිය ගමන්ම යන්නෙ බන්ධනාගාර රෝහලට. සාමන්‍ය මිනිහෙක් බන්ධනාගාරෙට ගිය ගමන්ම යන්නෙ, කුඩුවට. මේ ඔක්කොම වෙනස්විය යුතුයි.

:       0       19

Asanga Thursday, 12 June 2025 10:01 AM

දැන් NPP එකට උවමනා වෙලා තියෙන්නෙ ඒ අයගෙ පිරිස දාගන්න සේරම තැන් වලට

:       14       3

අරවින්ද මොණරවිල Thursday, 12 June 2025 11:36 AM

කොනක ඉදලා සුද්ද කරන්න ඕන තැනක් තමයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියන්නේ, දේශපාලන හිතවත්කමට හා පක්ෂපාති කමට තනතුර තානාන්තර ගත්ත හාදයෝ කවදාවත් නීතියට අවනතව වැඩ කරන්නේ නැහෑ.

:       1       15

Kamal Koyrala Thursday, 12 June 2025 12:08 PM

මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්විය යුතු නැහැ. ඔහු ජනතාව දැනුවත් කර සිටියේ, මේ සිදුවීම නීත්‍යානුකුලව ජනාධිපති අනුමැතිය ඇතිව සිදු වූ දෙයක් බව .එනිසා සියලු විමර්ශන අවසන් වෙන්න කලින් ඉල්ලා අස්විය යුතු නැහැ

:       10       5

සෙනෙවිරත්න Thursday, 12 June 2025 01:01 PM

ඔය මාධ්‍ය ප්‍රකාශක බොරු පිඹිනව. අයියගෙ මල්ලි බන්ධනාගාරයෙ සැප විඳිනකොට එහෙම නැහැ කිව්වෙ මෙයා තමයි. මේක තක්කඩියන්ගෙ සල්ලිකාරයන්ගෙ කීමට වැඩ කරන තැනක් කලේ මුන් තමයි. මුන් එක්ක කවදාවත් රටේ අපරාධ ඉවර කරන්න බැහැ.

:       1       10

prasanna Thursday, 12 June 2025 01:14 PM

පසුගිය මහ මැතිවරණයේදී රාජ්‍ය සේවකයන්ගෙන් 90% කගේ ඡන්දය NPP එකට ලැබුණා. ඒ නිසා රජයේ සේවකයන්ට හොඳට සලකන්න ඕන . දැනට නම් හොඳට සලකන බව පෙන්වා . තව ටිකක් සැලකිල්ලෙන් වැඩ කරන්න ,ලබන මැතිවරණයේදී 100% ලැබෙයි

:       8       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 579 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site