IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හරක් කටා මාතර අධිකරණයට

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් "හරක් කටා” දැඩි ආරක්ෂාවක් යටතේ මාතර අධිකරණයේ විභාග වන නඩුවක් සදහා ඉදිරිපත් කිරීමට අද රැගෙන ආවේය.

ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, ත්‍රස්ත විමර්ශන ඒකකය, විශේෂ කාර්යාංශය හා රාජ්‍ය බුද්ධි සේවාව ඇතුළු නිලධාරීන් සියයකට වැඩි පිරීසක් රාජකාරීවල යොදවා තිබූණි.

2018 වසරේ මාර්තු මස 11 වන දින වැලීගම දී ජීව බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 600ක් සමග වැලිගම පොලිස් වසමේදි “හරක් කටා” පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් සැක පිට අත්අඩංගුවට ගෙන තිබු අතර ඊට අදාල නඩුවට ඔහු අධිකරණයට ඉදිරීපත් කළේය.

එම නඩුව කැඳවන අවස්ථාවේදී අධිකරණ ශාලාවේ සිටි සිවිල් ජනතාව හා අනකුත් සියලු දෙනා ඉවත්කොට විශේෂ ආරක්ෂාව යටතේ අදාල නඩුව විභාගයට ගත්තේය.

 



අදහස් (5)

හරක් කටා මාතර අධිකරණයට

dds Wednesday, 26 March 2025 08:31 PM

රජයේ මුදල් නාස්ති නොකර ඔය නඩු ඉක්මනින් අහල ඉවරකරන්න. මේ සමාජ විරෝධීන්ගේ ආරක්ෂාවට අපරාදෙ මෙහෙම වැයකරන්නේ.

:       0       4

Perera Wednesday, 26 March 2025 10:58 PM

කලකට ඉහතදී ප්‍රභූ අපරාධකාරයෙන් ගමන් බිමන් ගියේ මෙහෙමයි, දැන් අපරාධකාරයෙන් උසාවි එන්නේ මෙහෙමයි.

:       0       7

සිවිල් ජනතාව Thursday, 27 March 2025 09:02 AM

පසුගිය දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ දළුලා වැඩුණු මේ පාතාල කෙරුවාව, තනිකරම විකාරයක් වෙලා. වත්මන් රජයට ඉක්මණින් ඇස් ඇරේවා.

:       0       9

Kamal Koyrala Thursday, 27 March 2025 11:40 AM

ගනේමුල්ල ගේම් එක පැහැදිලියි .හරක් කටත් එහෙමයි .කෝ දැන් සූම් එකෙන් නඩු අහනවා කීවා නේද ?

:       1       1

Suneth Thursday, 27 March 2025 03:09 PM

මොන අවස්ථාවලදීද අධිකරණයේ පෙනී සිටීම අනිවාර්යය කියල දැනගත්තනම් ඕක ලියන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site