IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හරක් කටා එරෙහිව ගත් ක්‍රියා මාර්ග ගැන පොලිස්පතිගෙන් දොස්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තා දීර්ඝ කාලයක් තිස්සේ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ තබාගෙන සිටිමින් විමර්ශන සිදුකළ ද ගෙන ඇති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් කිසිසේත් සෑහීමට පත් නොවන බව  වැඩ බලන පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් මහතා විමර්ශන නිලධාරීන් ට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇත.

හරක් කටා නැමැත්තා ගෙවී ගිය වසර කීපය තුළ මත්කුඩු කිලෝ 4000 කට අධික ප්‍රමාණයක් මෙරටට ගෙන්වා හැර ඇති බවට සාක්කි තිබියදී ඔහුට විරුද්ධව නඩු නොදැමීම පිළිබඳව වැඩ බලන පොලිස්පතිවරයා සිය විමතිය පළ කර ඇති බවද වාර්තාවේ.

හරක් කටා සම්බන්ධව අනාවරණය වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අදාල නඩු කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසට වැඩ බලන පොලිස්පතිවරයා මෙහිදී නීති විෂය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බවද වැඩිදුරටත් වාර්තාවේ.

හරක් කටා සම්බන්ධයෙන් කර ඇති විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් සමග පොලිස් මූලස්ථානයේදී පැවති විශේෂ සාකච්චාවකදී මේ බව පවසා ඇත.



අදහස් (7)

හරක් කටා එරෙහිව ගත් ක්‍රියා මාර්ග ගැන පොලිස්පතිගෙන් දොස්

රංබොඩ Friday, 05 January 2024 11:39 AM

හරක් කටා සියලු දෙනාට යහමින් මුදල් බෙදා ඇති අතර නඩු දානතුරු නීතිය දන්න උදවිය බලා සිටින්නේ , සත්‍ය පසෙක ලා කෙස් පැලෙන තර්ක විතර්ක දමා ඔහුව නිදහස් කර මුදල් මත පිහිනන්නටයි.

:       1       34

sachith Friday, 05 January 2024 11:43 AM

සිද්ධාලේප කුප්පියකුත් අරන් ගිහින් ප්‍රශ්න කරන්න කාලෙ හරි වගේ...

:       0       29

Rata Perata Friday, 05 January 2024 12:47 PM

මෙයා පිටරටක ඉඳලා ළඟදිද ලංකාවේ ආවේ...? විකාර සංදර්ශන... ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාලේ ඕවා දැක්කේ නැද්ද?

:       7       27

dasunFriday, 05 January 2024 02:26 PM

හරියට මැරිලා, ඉපදිලා වගේ...අනෙක් අතට මේ නඩු පැවරිය යුත්තේ නීතිපතිතුමා...

:       2       15

අජිත් Friday, 05 January 2024 02:52 PM

පුළුවන් හැම කෙනාගෙන්ම ජරාව කාලා දැං සින්දු කියනවා...!

:       1       15

අරවින්ද මොනරවිල Friday, 05 January 2024 04:29 PM

හරක් කටා මෙපමණ කල් ජීවත්ව ඉන්න එක ගැන තරහ ගිහිල්ලා ඇති.

:       3       8

Bamunuarachchi Sunday, 07 January 2024 03:03 AM

හරක් කටාට පැනලා යන්න අවස්ථාවක් ලැබෙන තුරු වැඩේ අතගානවා වගේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site