IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හය ලක්ෂයක හොර සිගරට් රේගුවේ හිරවේ

 ගෘහ විදුලි උපකරණ අසුරන පෙට්ටි කිහිපයක බහා නීති විරෝධී ලෙස මෙරටට  ගෙනා  විදේශීය සිගරට් කාටුන් 299 යක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ  අතහැර දමා  ගොස් තිබියදී සොයාගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

රූපවාහිනී යන්ත‍්‍ර අසුරන පෙට්ටයක  සිගරට් කාටුන් 200 ක්ද, ගෘහස්ත සිනමා අසුරන පෙට්ටියක සිගරට් කාටුන් 99 ක්ද තිබූ බවත්  අයිතිකරු හඳුනාගැනීමට නොහැකි ලෙසින් මෙම පෙටිටිවල අලවා  තිබූ හඳුනාගැනීමේ සටහන්  ඉරා දමා තිබූ බවත් රේගුව කියයි.
 ඩුබායි සිට ඊයෙ අළුයම පැමිණි ගුවන්යානයකින්  මෙම සිගරට් තොගය මෙරටට ගෙන විත්  පසු අවස්ථාවකදී පිටතට ගෙන යාමේ අදහසින් මෙසේ අතහැර දමා යන්නට ඇතැයි රේගුව සැකකරයි.
පසුගිය මාසායේ පමණක්  රුපියල් කෝටි ගනනක නීති විරෝධී භාන්ඩ  විශාල ප‍්‍රමාණයක් ගුවනින් මෙරටට ගෙන ඒමට උත්සහ කර තිබූ බැවින් ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතා විසින් නිරතුරුවම සෝදිසි මෙහෙයුම් කරන ලෙස රේගු නිලධාරීන්ට ලබා දී ඇති උපදෙස් මත කළ සෝදිසි මෙහෙයුමකදී ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ගමන් මළු පතය අසල අතහැර දමා ගොස් තිබූ මෙම සිගරට් තොගය සොයාගෙන ඇත.
මෙහි අයිතිකරු සොයා ගැනීම සඳහා රේගුව පරික්ෂන පවත්වයි. 
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ  රේගු නිලධාරීහු සිදු කරති.



අදහස් (0)

හය ලක්ෂයක හොර සිගරට් රේගුවේ හිරවේ

චතුල වෙරෝනා Tuesday, 14 May 2013 03:11 PM

මම හිතන හෑටියට මෙතන 299 ට වඩා තිබුනා (ස)

:       0       0

අමල් Tuesday, 14 May 2013 03:22 PM

අපරාදේ ත්‍රිත්ව ශතකය මග හැරිලා (ස)

:       0       0

හේමන්ත Tuesday, 14 May 2013 03:23 PM

නිලදාරීන්ට අපගේ උපහාරය ! (ස)

:       0       0

අසංග Wednesday, 15 May 2013 10:23 AM

මේ වැඩ තනිකර තම්බියෝ කරන වැඩ (නි)

:       0       0

සේරම් පැරිස් Tuesday, 14 May 2013 09:13 PM

මේ හොර සිගරරට් කියන්නේ කිසිම ප්‍රමිතියක් නැති, හොරට හදන ඒවා.මේවා බීල‍ෙ මිනිස්සු ඉක්මනට මැරෙන එකයි වෙන්නේ. රේගු බලදාරීන්ට මගේ උපහාරය ! (නි)

:       0       0

සෙනරත් Tuesday, 14 May 2013 09:59 PM

කාටත් දැන ගන්න මේ කියන්නේ. පිට රට වල සිගරට් ලාබයි, බොන අය වැඩියෙන් ගේනවා. එතකොට‍ අල්ලනවා (නි)

:       0       0

ෂාන් Wednesday, 15 May 2013 10:46 AM

මේක මෝඩයන්ගේ වැඩක්.(නදී)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 14 May 2013 04:03 PM

උදව් කාරයා නොහිටපු නිසා දඩයට බයේ දමලා ගිහින් වගේ. කෙසේ වෙතත් රේගු නිවාරණ අංශයත්, මත් ද්‍රව්‍ය නිවාරණ ඒකකයත් මීට අදාල රජයේ බලධාරීන් ද පරීක්ෂා කර බලා පාවිච්චියට සුදුසු නම් ලක්ෂ 6 ක් වටිනා මෙම සිගරේට් තොගය විනාශ නොකර සංචාරක හෝටල්වලට පමණක් විකිණීමෙන් රජයට ලැබෙන ආදායමක් ගෙන හිතුවොත් නම් හොඳා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site