IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හයිවේ විවේක ප්‍රදේශය වසර 9ටම බදුදී ඇත්තේ රුපියල් 10000ට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ විවේක ප්‍රදේශය (Rest Area) රාජපක්ෂවරුන්  අවුරුදු 99කට බදු දී ඇත්තේ රුපියල් දසදහසකට බව ප්‍රවාහන මහාමාර්ග සිවිල් ගුවන් සේවා   අමාත්‍ය  බිමල්  රත්නායක මහතා පැවසීය.

එම මාර්ගයට බිලියන ගානක් නාස්ති කර ඇතැයි  පැවසූ අමාත්‍යවරයා මාලිමා ආණ්ඩුවේ එවැනි නාස්තිකාර සැලසුම් නැතැයිද ප්‍රකාශ කළේය.



අදහස් (14)

හයිවේ විවේක ප්‍රදේශය වසර 9ටම බදුදී ඇත්තේ රුපියල් 10000ට

Saba Warsha Saturday, 21 June 2025 11:59 AM

පචයා. ඕකට උත්තර ලැබුණා.

:       8       30

Wanniarachchi Saturday, 21 June 2025 12:13 PM

ඕක බදු දුන්නේ රක්ෂණ සංස්ථාව යටතේ තියන සමාගමකට. දෙපැත්තම ආණ්ඩුවේ. කෝටි ගාණකට ආණ්ඩුවෙන් අරන් ආණ්ඩුවටම දෙන්න ඕනෑද බොරුවට බයිලා නොගහ, දැන් ඉති ආපසු ගනින්කෝ...!

:       5       31

යෝගා Saturday, 21 June 2025 12:25 PM

බදු දීලා තියෙන්නේ ආණ්ඩුවට අයිති රක්ෂණ සමාගමට. මේ හදන්නේ සුලු ගාණක් වැඩිකරලා පැලවත්තට කප්පම් ගෙවන බිස්නස්කාරයෙකුට දෙන්න වගේ. එහෙම නැත්නම් තවත් බූරු කතාවක්...

:       8       35

ලුම්බිණි Saturday, 21 June 2025 12:46 PM

වසර 99ටම රුපියල් 10000 ට බදු ගත්ත වාසනාවන්තයා කවුද?

:       6       11

KuleSaturday, 21 June 2025 03:04 PM

රක්ෂණ සංස්ථාවේ නිවේදනය බලන්න.

:       1       23

Neel Saturday, 21 June 2025 01:34 PM

බදු ගිවිසුම අවලංගු කරන්න. පාර්ලිමේන්තුවේ බහුතරය ඉන්නවා නේද? වැඩිය කල් ගන්න එපා. දැනටමත් මාස 8 ක් ගෙවිලා ගියා.

:       4       29

මැක්ස් Saturday, 21 June 2025 04:33 PM

මේ මෝඩ මනුස්සයාට අනුකම්පා කරන්න! මරු කියවනවා!

:       0       3

de silva Saturday, 21 June 2025 05:08 PM

ඕක බදු දීලා තිබෙන්නේ රක්ෂණ සංස්ථාවට බව කියන්න කතාව ඇත්තද ඇමතිතුමා...?

:       1       11

Nandalal de Silva - France Saturday, 21 June 2025 10:31 PM

අනේ මගේ කට...! 10000 කට බදු දුන්නා කියන්නේ, ගිණුම් පොත්පත් වල

:       1       0

Nandalal de Silva - France Saturday, 21 June 2025 11:07 PM

වසර 99 ක බද්ද රුපියල් 10 000 කට දෙන්න තරම් දානපතියන් මෙරටට පහළ වෙන්නේ මැදමූලන ඉලව්වෙන්ම විතරයි ! ඔය 10 000 කියන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුවට පෙන්වන්න, හන්දියේ කඩේ මුදලාලිගේ ගණන් පොත වගේ එකක කුරුටු ගාපු ඉලක්කම් පේළියක් පමණකි. බද්දෙන්, හොර රහසේ ගත් ලක්ෂ කෝටි ගණනක් පවුලේ අයගේ ගිණුම් වලට "සුරුස්" ගාලා ඒ දවස්වලම ඇතුල් වෙන්න ඇති...

:       2       0

ගුණරත්න Saturday, 21 June 2025 11:13 PM

මේ ඇදගෙන නාලා තියෙන්නේ ඇමතියෙක්! වස විලිලජ්ජාවක් නේ. ආණ්ඩුවේ ඇමතියෙක් වෙලත් ආණ්ඩුවට අයිති ආයතන ගැන දන්නේ නැහැ!

:       0       3

Nishan Sunday, 22 June 2025 04:59 AM

දැන දැන බොරු ප්‍රෝඩා කතා එපා. ඕක ආණ්ඩුවේ ආයතනයක්. ඔය ගාණට හරි බදු ගැනීමයි වරද...

:       0       4

prasanna Sunday, 22 June 2025 01:55 PM

ඔය තරම් පච කියන්න එපා. දැනට ඡන්ද පදනම 12% වැටිලා තියෙන්නේ. ඉක්මණට පළාත් සභා තියන්න.

:       0       5

de silva Sunday, 22 June 2025 04:16 PM

ඔය බදු ගිවිසුමේ පාර්ශව කරුවෝ දෙන්නාම පාලනය වෙන්නේ ආණ්ඩුවෙන්, ඕක වෙනස් කරන්න ඕනේ නම් වෙනස් කරගන්න. බොරුවට ජනතාව නොමග යවන්නේ නැතුව...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 212 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site