
(අංජුල මහික වීරරත්න)
අධිවේගී මාර්ග වල ධාවනය කරනු ලබන වාහන වල ගමන් ගන්නා මගීන් විසින් ආසන පටි පැළඳීම අනිවාර්ය කරමින් මෝටර් වාහන පනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අධිවේගී මාර්ග වල සිදු වන රථ වාහන අනතුරු දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් මරණ සහ බරපතල තුවාල සිදුවීම අවම කිරීම පිණිස අංක 2455/29 2025-09-25 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ විධි විධාන යටතේ සාදන ලද 2011 අංක 2 දරන මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝග සංශෝධනය කරනු ලැබ ඇත. එමඟින්, අධිවේගී මාර්ග වල ධාවනය කරනු ලබන වාහන වල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි පැළදීම අනිවාර්ය කර තිබේ.
ඒ අනුව, එකී සංශෝධිත නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 ඔක්තෝබර් මස 08
1924
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1533
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හයිවේ නීතියක් දැඩි කරයි
de silva berlin Tuesday, 28 October 2025 03:12 PM
අසන පටි පමණක් බැලුවට මදි , කරුණාකර සිවිල් පොලිස් වාහන යොදවා අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන් නිසිලෙස තමන්ගේ මන්තිරුවේ ධාවය කරනවද ? මන් තීරු මාරු කරන අවස්ථාවලදී සිග්නල් ලයිට් නිසි වෙලාවට දමනවද ? මං තීරු මාරු කරනකොට පසුපසින් එන වාහනවල ධාවනයට බාදා වෙන ලෙස එම ක්‍රියාවලිය සිදු කරනවා ද යන්න සොයා බලන්න. අනතුරු බොහෝමයකට මුල තමන්ගේ මන්තිරුවේ නිසිලෙස ධාවනය නොකිරීම.
Neel Tuesday, 28 October 2025 04:30 PM
සාමාන්‍ය පාරක යන්න පිළිබදව නොදන්න රියදුරන්ට අධිවේග මාර්ගවල යන එක ගැන කුමන කතාද. මේ පිළිබඳව රෑට TV චැනල් වල තප්පර 5 ක AI වලින් හදපූ විඩියෝවක් වගේ දෙයක් රජයේන් පේන්නන්න පුලුවන් නේද. වල්පල් පේන්නන ගමන්ම....
සාලිය Wednesday, 29 October 2025 07:14 AM
ආසන පටි දාගෙන යන බස් ඩ්‍රයිවර් කෙනෙක් දැක්කොත් කියන්න, බේතකට හොයනවා...
Bunny Preena Wednesday, 29 October 2025 09:39 AM
අතීසාරයට අමුඩ ගහන එක තවම නැවතිලා නැහැ වගේ. ලංකාවේ වෙනස් කළ නොහැකි සම්ප්‍රදායක් වත්ද?
Rohana Wednesday, 29 October 2025 10:21 AM
ආසනපටි පැලදීමවගේම රථ වාහනවල වේගය පාලනය කරන විදිය පිලිබදව රියදුරන්ට පුහුණුවක් දෙන්න. අධිවේගයේ අනතුරුවලට ප්‍රධාන හේතුව අනවශ්‍ය ලෙස අධික වේගයෙන් රිය පැදවීමයි. නමුත් අවශ්‍යවිට ක්ෂනිකව වේගය අඩුකරන්න බොහෝ රියදුරන් දන්නේ නැහැ. රිය අනතුරුවලින් වැඩි ප්‍රමානයකට හේතුව මෙයයි.
pasan kalhara Thursday, 30 October 2025 09:27 AM
රටේ සංවර්ධන කටයුතු ගැන බලන්න තරං මොලේ නැති හරක් යකෝ කන්න බොන්න නැතුව පාරවල් වල ඉන්න එවුං සීට් බෙල්ට්් එක දාගෙන යනවද නැද්ද කියන එක විසඳන්න කලිං විසඳන්න ඕන රජයක් විදිහට වැඩ කරන්නෙ නැ මිනිස්සු සීට් බෙල්ට් දාගෙන යයි සතුටිං ඉද්දි උබලා මේ අපිට කන්නත් නැති කරල මැරෙන්නත් නැති කරන අවජාතක ආණ්ඩුවක් මිනිස්සුන්ටත් හරි ලොකු ඇති සීට් බෙල්ට් ගැන හුත්ත