IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හිමි නමට-කාන්තාවන් දෙදෙනාට පහරදුන් 9ට ඇප

( කේ. බුද්ධික කුමාරසිරි)

නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් නමින් පවත්වාගෙන ගිය නිවසක් තුලදී ස්වාමීන් වහන්සේ නමකට තරැණියකට සහ කාන්තාවකට නිරුවත් කර පහර දීම ඇතුළු චෝදනා නවයක් යටතේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයින් අට දෙනා, එක් අයෙකුට රුපියල් ලක්ෂයක් බැගින් වූ ශරීර ඇපයක් මත .සහ දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (26) දින නියෝග කළාය.

එහිදී සැකකරුවන් ඇමතූ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට සම්බන්ධ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් යළි කණ්ඩායම් ලෙස එකතු නොවන ආදී දැඩි ඇප කොන්දේසි නිකුත් කලාය

මෙලෙස ඇප හිමි වූයේ  කඩුවෙල ඉහල බෝමිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන විතානගේ රසික හේමන්ත , ගුරුසිංහ ආරච්චිගේ අජිත් රංගජීව , මද්දුමගේ විජේසේන , අරඹවත්තගේ චමින්ද රුද්‍රිගු , අරඹවත්තගේ ඉමාන් නිලුක්ෂ රුද්‍රිගු , සේනාධීරලාගේ දොන් නික්සන් අප්පුහාම් , රොහාන් උදයංක ද සිල්වා වීරක්කොඩි ,විජේරත්න මුදියන්සේලාගේ දිලාන් සුරංග යන අය වේ.

ඉකුත් 06 වෙනි දින  රාත්‍රි කාළයේදී නවගමුව පොලිස් වසමේ  රක්ෂපාන පාර, ඉහළ බෝමිරිය,  ශ්‍රී සුමනාරාම විහාර ස්ථානයේ වැඩ වාසය කල පල්ලේගම සුමන හිමියන්ට  සහ එහි සිටි 19 හැවිරිදි  කාන්තාවකට සහ තවත් කාන්තාවකට විහාරස්ථානය තුළදී  පහර දිම, අයුතු ඇතුළු වීම ,අයුතු ජනරාශිය, ලිංගික අතවරය, සාපරාධි බියගැන්වීම,අඩත්තේට්ටම් සිදුකිරිම, අයුතු අවහිරය, විහාරස්ථානයේ  දේපළවලට අනර්ථය සිදු කිරීම හා අසභ්‍යය වීඩියෝ දර්ශන  ප්‍රචාරය කිරිම යන චෝදනා යටතේ නවගමුව පොලිසිය විසින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කල අතර එම අවස්ථාවේදී සැකකරුවන් පිරිස අද (26) දින දක්වා රක්ෂිත බන්ධනාගාර තිබුණි
නොවැම්බර් මස 29 දින යළි නඩුව කැදවීමට නියමිත වේ  

 



අදහස් (0)

හිමි නමට-කාන්තාවන් දෙදෙනාට පහරදුන් 9ට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site