IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


හෝමුස්‌ සමුද්‍ර සන්ධියෙන් නැව් තුනක් හැරෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ඇමෙරිකාව ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ඉන්ධන සහ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සුපිරි නෞකා අවම වශයෙන් තුනක් හෝමුස්‌ සමුද්‍ර සන්ධිය අසළදී මාර්ගය වෙනස් කරමින් නැවත හැරී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හෝමුස් සමුද්‍ර සන්ධිය දෙසට යාත්‍රා කිරීමෙන් පසුව මාෂල් දූපත් ධජය සහිත මාරි සී සහ පැනමා ධජය සහිත රෙඩ් රූබි ප්‍රවාහන නෞකා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළට ඔබ්බෙන් ෆුජයිරා අසල නැංගුරම් ලා ඇති බවත් එක්සත් රාජධානියේ ධජය සහිත කොහ්සාන් මරු නෞකාව, ඕමාන් බොක්කෙහි ඕමාන් මුහුදු සීමාවට ආසන්නව යාත්‍රා කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එසේම කොස්විස්ඩම් ලේක් නම් ඉන්ධන ප්‍රවාහන සුපිරි නෞකාව පසුගිය ඊයේ (22) හෝමුස්‌ සමුද්‍ර සන්ධියට සේන්දු වී ඇතත් එම නෞකාව ආපසු හරවා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඉරාන පාර්ලිමේන්තුව හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට මේ වනවිටත් අනුමැතිය ලබාදී ඇති පසුබිමක මෙලෙස ඉන්ධන සහ රසායනික ප්‍රවාහනය කරනු ලබන සුපිරි නෞකා හෝමුස් සමුද්‍ර සන්ධිය මග හරිමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මේ වනවිට ඉරාන - ඊශ්‍රායල අර්බුදය හේතුවෙන් බොරතෙල් බැරල් ලක්ෂ 20 කට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කළ හැකි නෞකා දිනකට අයකරන ගාස්තුව දිනකට ඇමෙරිකානු ඩොලර් 60,000 දක්වා දෙගුණයකින් ඉහළ දමා තිබෙන බවත් තත්වය වර්ධනය වුවහොත් එම ගාස්තුව තවත් ඉහළ යනු ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.

අර්බුදය මධ්‍යයේ ලෝක බොරතෙල් මිල මාස 5 කින් වාර්තා ඉහළ මිල ඊයේ (22) වාර්තා කළේය.



අදහස් (1)

හෝමුස්‌ සමුද්‍ර සන්ධියෙන් නැව් තුනක් හැරෙයි

fairoos Tuesday, 24 June 2025 11:56 AM

ලංකාවේ ඉන්න ඊශ්‍රායෙල් කාරයාට නම් හොඳයි නේද? 

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1950 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1543 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 540 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site