IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හමාස් රොකට් ප්‍රහාරයක්: සටන් විරාමය අවසන්

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතරේ පැවැති තාවකාලික සටන් විරාමය අවසන් විය. ඒ, සටන් විරාමයට අදාල කොන්දේසි කඩ කරමින්, හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමත් සමඟය.

තාවකාලික සටන් විරාමය අවසන් වූයේ සතියකට පසුවය. සටන් විරාමය ආරම්භ වූයේ පසුගිය 24 වැනිදාය. ඒ, සිවු දින සටන් විරාමයක් ලෙසය. පසුව දෙපාර්ශ්වය අතරේ පැවැති සාකච්ඡා සාර්ථක වීමේ ප්‍රතිඵලයක් ලෙස සටන් විරාමය සතියක් දීර්ඝ කර ගැනුණි.

හමාස් සංවිධානය එල්ල කළ රොකට් ප්‍රහාරය සටන් විරාමයට අදාල කොන්දේසි කඩ කිරීමක් බවත්, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් යළි ප්‍රහාර ආරම්භ කළ බවත් ඊශ්‍රායල හමුදාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය. ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් සටන් විරාමයකට කැමැති කරවා ගත්තේ කටාර් රාජ්‍යයයි.



අදහස් (6)

හමාස් රොකට් ප්‍රහාරයක්: සටන් විරාමය අවසන්

Sunak Friday, 01 December 2023 12:33 PM

මුන් නම් ඉල්ලන් කන ගොබ්බයො සෙට් එකක්

:       5       58

පියනන්ද Friday, 01 December 2023 02:09 PM

අන්තවාදි ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට වුවමනා හැකි ඉක්මණින් ස්වර්ගයේදී කන්‍යාවන් 72ක් සමග එකතු වෙන්නයි. ඒකට ඉක්මනින් ඉඩ සලසාගන්න උදව් දෙන්න. ඊශ්‍රායල් යුදෙව්වනි, ඔබට පින් රැස් කරගන්න තියෙන අවස්ථාව නැති කරගන්න එපා.

:       9       40

මැක්ස් Friday, 01 December 2023 03:55 PM

දෙමළ කොටි ත්‍රස්තවාදීන් සමග ශ්‍රී ලංකා හමුදාව සටන් කරන සමයේ මෙසේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්තාවක ත්‍රස්තවාදීන් විසින් ඒක පාර්ශවීය වශයෙන් මේ අයුරින් එය බිඳ දැම්මේ නම් දේශීය සහ විදේශීය කොටි ප්‍රේමින් එය වර නගනු ඇත්තේ මෙසේය. "අවිහිංසක දෙමළ මිනිසුන් මරා දැමීම සඳහා මෙය ශ්‍රී ලංකා හමුදාව විසින්ම සිදුකරන ලද්දකි." සජිත් සහ අනුර එයට හුමිටි තබා, තව දුරටත් පුම්බා කර තබා ගෙන යනු ඇත.

:       15       15

chandana Friday, 01 December 2023 04:36 PM

මේක සාමකාමී විදිහට විසඳාගන්න අකැමැති බූරුවන් කිහිප දෙනෙකුවත් ඉන්නවා ඇති...!

:       5       12

Chamila Fernando Friday, 01 December 2023 05:18 PM

යුද්ධයෙන් වාසි ගන්න කැමැති කීප දෙනෙක් විසින් මේ අවුල නිසඳන්න දෙන්නේ නැත බවක් පේන්නේ...!

:       4       8

ලුම්බිණි Friday, 01 December 2023 07:51 PM

කටාර් වලටත් සැනසිලි තෑග්ගක්වත් දෙන්නැද්ද නෙතන්යාහු අගමැතිතුමා?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site