IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හිමිවරු කළුතර ගාලු පාරේ වාඩිවී පිරිත් කියති

සමස්ත ලංකා ත්‍රෛනිකායික භික්ෂු මහා සංගමයේ සංඝරත්නය 50 නමක් පමණ කළුතර බෝධිය ඉදිරිපිට මහ පාරේ වාඩිවී පිරිත් කියමින් යෝජිත භික්ෂු කතිකාවතට එරෙහිව උද්ඝෝෂණයක් ඇරඹූහ.

මේ නිසා පාරේ එක් තීරුවක් පමණක් වාහන ගමන් කරයි.

මාර්ග තදබදයක්ද හටගෙන ඇත.

තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහ නාහිමියෝ නිවේදනය කළේ මෙම භික්ෂු කතිකාවතට මහා සංඝරත්නය සහාය දැක්විය යුතු බවයි. අඩු පාඩු ඇත්නම් ඒවා සංශෝධනය කළ යුතු බවද මහ නාහිමියෝ කියති.

 

 



අදහස් (0)

හිමිවරු කළුතර ගාලු පාරේ වාඩිවී පිරිත් කියති

ජානක Monday, 25 January 2016 06:06 AM

අනිත් ආගම් හිමිවරු ඔවුන්ගේ ධර්මය මෙතරම් පහත් කොට භාවිතා කරන්නේ නැහැ. අපේ තමයි හැම දේටම මේවාගේ කෝලම්.(ම)

:       0       0

අසාද් Monday, 25 January 2016 07:21 AM

මම නම් මොනවත් කියන් නැහැ,මම මොනවා හරි කිවොත් කියයි ජාතිවාදී කියල. (බ)

:       0       0

සමන් Monday, 25 January 2016 07:19 AM

බුදු සමයේ හෝ ඊට පස්සේ මේ වගේ පාර දිගේ සමයං තිබිල නැහැ. දහමේ ගරැත්වය සහ ශාන්ත බව වැනසී අවසන්. අනිවාර්යෙයන්ම මේ අැත්තන්ට පන්සලේ කටයුතු හරියාකාරව කරන හැටි කියා දිය යුතුයි. පාර දිගේ සවුත්තු වීම වහාම නැවත්විය යුතුයි. කතිකාවත වහාම ගෙන අා යුතුයි. (බ)

:       0       0

බන්දුල Monday, 25 January 2016 07:35 AM

බුදුන් වහන්සේ භික්ෂූනට වදාළේ නිවනට යන මගද ? නැතිනම් මහමග තප්පුලන්නද ? (බ)

:       0       0

දුමින්ද Monday, 25 January 2016 07:37 AM

අණපනත් වලින් කළ නොහැකි දෙයක් ඇත (ම)

:       0       0

සුනිල් Monday, 25 January 2016 07:52 AM

මහා මාර්ගය දිනපතා තමුන්ගේ ජීවිකාව කරගන්න දඟලන ජනතාවට අහුරලා කියන පිරිතෙන් පලක් වේවිද? (ම)

:       0       0

බණ්ඩා Monday, 25 January 2016 08:25 AM

මෙවැනි දෙයින් වෙන්නේ බෞද්ධ දහමට නිගාවක් (ම)

:       0       0

දර්ශන Monday, 25 January 2016 08:33 AM

ජනක ,ඔබ නියම බුද්ධිමතෙක් .(ම)

:       0       0

පද්මිනි Monday, 25 January 2016 08:43 AM

දැන් මෙතනම පෙනෙනවා නේද විනය පිරිහීම.වාසනාවට අපේ ජනතාව බුද්ධිමත් (ම)

:       0       0

ලුම්බිණි Monday, 25 January 2016 08:59 AM

බුදු දහමට අපකීර්තිය ගෙනදෙන වැඩ කරන්න එපා හාමුදුරුවරුනේ. (ම)

:       0       0

අනුරුද්ධ Monday, 25 January 2016 09:08 AM

පිරිත් කීමෙන් ඕනේම අතුරු අනතරාවකින් ආරක්ෂා වෙන්න පුළුවන් බවට හොද උදාහරණයක් මේ. වෙන අය පාරේ වැඩි වුණා නම් එල්ල වෙන අධිවේගී ජල ප්‍රහාර එල්ල නොවුණේ ඒ නිසා වෙන්න ඇති. එත් ඉතින් ධර්මය තමන්ගේ වුවමනාවන් ඉෂ්ට කරගන්න (ම)

:       0       0

පිටබැද්දර ජයා Monday, 25 January 2016 10:48 AM

ජනජීවිතයට බලනොපාන අයුරින් කරන දෙයක් කළොත් නේද හොඳ ?(ම)

:       0       0

ලක්සිරි Monday, 25 January 2016 11:11 AM

පිරිත් කොතන කොයි ආකාරයකට කීවත් එයින් යහපතක්ම පමණක් සිදුවේ. සංඝයා වහන්සේලාට නීති පැනවිය හැක්කේ බුදුන් වහන්සේට පමණයි. ගිහියන් සංඝයාට නීති පැනවීමට යාම විහිළුවක් මෙන්ම පාපකර්මයකි. (ම)

:       0       0

මහේෂ් Monday, 25 January 2016 11:14 AM

භික්ෂු කතිකාවත ගේන්න බොහොම ප්‍රමාද වුණා වැඩියි . (ම)

:       0       0

යසිරු Monday, 25 January 2016 04:58 AM

ඇයි මේ ප්‍රශ්නය සුහදව නිරාකරණය කරගන්න බැරි? (නි)

:       0       0

නන්දලාල් Tuesday, 26 January 2016 09:39 AM

මගේ පෞද්ගලික මතය නම් උතුම් පිරිත් දේශනා කළ යුත්තේ නියම සුදුසු ස්ථානවල බවයි. මහා මාර්ගය එවැනි තැනක්ද ? සංඝික දානයක් පූජා කිරීමට කවුරුන් හෝ තීරණය කලොත් හාමුදුරුවරු මහ පාරේ වාඩිවී දානය වලදාවිද ???? (ම)

:       0       0

නිල්මිණි Monday, 25 January 2016 05:06 AM

එහෙනම් මීටපස්සේ පිරිත් මණ්ඩප හදන්න මහන්සි වෙන්න ඕනෑ නැහැනේ. ඇයි මේ වගේ අරමුණු වෙනුවෙන් උතුම් පිරිත අවභාවිතා කරන්නේ? (නි)

:       0       0

සමීර Monday, 25 January 2016 05:39 AM

ඩ්‍රයිවින් කරන්න ඕනි කියල ඉල්ලනවද? ඕව පිටිපස්සේ ඉන්නේ කව්ද කියල අපි දන්නවා. ඒ ගොල්ලෝ කටින් බුදුරැස් විහිදෙව්වට බොක්කේ තියෙන්නේ මොනවද කියල බලාගන්න පුළුවන්. (බ)

:       0       0

රමණි Monday, 25 January 2016 05:41 AM

එහෙනම් මේ ආණ්ඩුවත් සංඝ භේදයක් ඇතිකළාද. අතපසුවීමක් කියලා කියන්නකෝ. (බ)

:       0       0

ජනක Monday, 25 January 2016 06:03 AM

මමත් නිල්මිණි සමග එකගයි (ම)

:       0       0

දමිත් Monday, 25 January 2016 05:59 AM

සිවිල් වැසියන්ට කරදර නොකර මෙම කතිකාවතට සහයෝගය දෙන මහානායක හිමිවරුන්ගේ පන්සල් ඉදිරිපිට මේ උද්ඝෝෂණය, පිරිත් සජ්ජායනා කිරීම් කළොත් හොඳයි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site