IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හේමාල්ට දඩ කොළේ දුන් පීසී අල්ලස් නඩුවෙන් නිදහස්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී හිටපු නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකරට දඩ කොළයක් දුන් හිටපු පොලිස් කොස්තාපල් සුමින්ද සමන්ට එරෙහිව වසර පහකට පසු පැවරූ අල්ලස් නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා අද තීන්දු කළේය.

2009 මැයි 25 වැනි දා කොස්තාපල් සුමින්ද රුපියල් දහසක ද, උප පොලිස් පරීක්ෂක බණ්ඩාර රුපියල් දස දහසක ද අල්ලසක් ගත්තැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සිද්ධියෙන් වසර පහකට පසු නඩු පැවරීය.

පැමිණිලිකරුවන් විදේශ ගතවී ඇති හෙයින් අධිකරණයට පැමිණ නොසිටි අතර නඩුව පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් සාක්කි නැතැයි තීරණය කළ විනිසුරු කොස්තාපල් සුමින් ද සහ උප පොලිස් පරීක්ෂණ බණ්ඩාර නිදහස් කළේය.
අධිවේගී මාර්ගයේ සිද්ධියෙන් පසු සුමින්ද සමන්ට පහර දී වාහනය ද ගිනි බත් කැරිණි.

ඔහු තම වාහනය ගිනි තබා ගත් බව කීමට පොලිසිය උත්සාහ කළේය. පොලිස් පරීක්ෂණ ද අතර මඟ නතර විය. සුමින්ද ද පොලිසියෙන් ඉල්ලා අස් විය.

කොස්තාපල්ට එරෙහිව නඩු පවරා ඇත්තේ ද්වේෂ සහගත ලෙස යැයි තීන්දුව තෙමින් කී ලලිත් ජයසූරිය මහතා ඔහු සියලු චෝදනා වලින් නිදහස් කළේය.

කසිප්පු තිත්පොළකින් අඩු කසිප්පු ප්‍රමාණයක් නඩුවට ඉදිරිපත් කිරිමට අල්ලස් දුන්නැයි කියන සමන්ති සුරේකා නම් සාක්කිකාරිය විදේශ ගත වී ඇති බව අල්ලස් කොමිසම උසාවියට දැන්වීය.

හේමාල් ගුණසේකර හිටපු නියෝජ්‍ය ඇමැතිට එරෙහිව දක්ෂීණ අධිවේගී මාර්ගයේ දඩ කොළයක් දීමෙන් පසුව ද්වේශ සහගත ලෙස මේ නඩුව පවරා ඇති බව පෙනේයැයි විත්තියේ නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා අධිකරණයට කියා සිටියේය.



අදහස් (0)

හේමාල්ට දඩ කොළේ දුන් පීසී අල්ලස් නඩුවෙන් නිදහස්

පද්මිනි Wednesday, 01 April 2015 05:28 AM

මේ සිද්ධිය නැවත මතක් කර දීම ගැන ස්තුතිවන්ත වෙනවා. (ම)

:       0       0

දුමින්ද Wednesday, 01 April 2015 05:31 AM

හරි කවුද වැරදි කවුද දන්නේ නෑ (දිල්)

:       0       0

රණතුංග Wednesday, 01 April 2015 06:08 AM

විනිසුරුතමා අකුරට වැඩ වාගේ (දිල්) 

:       0       0

පෙරේරා Wednesday, 01 April 2015 06:18 AM

ලංකාවේ ඔහොම තමයි මං දන් නැහැ ඇයි!!(දිල්)

:       0       0

ගිහාන් Wednesday, 01 April 2015 10:54 AM

දැන් සොයා ගන්න ඕන මෙහෙම බරපතල වැරදි චෝදනාවක් සැලසුම් කළ මහ එක්කෙනා කවුද කියලා. අනුන්ට මඩ ගහන ලෙඩ අදින අයට එහෙම නිකම් බේරිලා යන්න ඉඩ දෙන්න හොඳ නැහැ. (දිල්)

:       0       0

ඉසුරන්දි Wednesday, 01 April 2015 11:54 AM

දේශපාලකයෙක් එක්ක නඩුහබ වලට පැටලේනවයි කියන්නේ දියේ ගිලෙන්න ඔන්න මෙන්න ඉන්න කෙනෙක් ජීවිතයත් මරණයත් අතර සටනක් කරනවා වගේ වැඩක් තමයි. (ර)

:       0       0

සමන්ති Wednesday, 01 April 2015 02:28 PM

දඩ කොළයට මොකද වුණේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site